katugastota-student-clash


මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමත් සමඟම සිසුන් විනය කඩකරමින් සිදු කළ සිද්ධීන් කිහිපයක් වාර්තා විය. මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ පන්ති කාමරයක් තුළ පහරදීමේ සිද්ධියක්ද වාර්තා විය. මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්ද ලැබී තිබී ඇති අතර විභාගය අවසන්වූ පසු එම සිසුන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ මෙම සිදුවීමට මුල විභාගයට ටික දිනකට පෙර පසුගිය මැයි මාසයේ දුම්රිය මාර්ගයක් අසළ සිදුවූ පහරදීමේ සිදුවීමක වීඩියොවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරියාට එදිරිව ප්‍රතිප්‍රහාරයක් බව හඳුනාගෙන ඇති බවය.

පන්තිකාමරයේ විනය විරෝධී ලෙස පහරදීම් සිදුකරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල සැරසරද්දී ඇතැමුන් එය අර්ථ දක්වා තිබුනේ විභාගය අවසන්වූ පසු විනෝදයට සිදු කළ පහරදීමක් ලෙසිනි. නමුත් එයට පසුබිම්වූ පාසල් ශිෂ්‍යයන් හා සම්බන්ධ මැයි මාසයේ සිදු වූ සිදුවීමක් බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා පැහැදිලි කළේය.


"විභාගය නිමාවකින් පස්සේ මේ ආකාරයකට මතු කරගෙන තිබෙන්නේ පැරණි පහරදීමේ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බවයි වාර්තා වන්නේ. සමාජ මාධ්‍ය ජාල වෙත දුම්රිය මාර්ගය අසළ සිද්ධියේ වීඩියෝව මුදාහැරීම නිසා තමයි දෙවන ප්‍රහාරය සිදු කර තිබෙන්නේ. මෙම ප්‍රතිප්‍රහාරය සිදුවන්නේ විභාග වැඩ සියල්ල අවසන්වූ දින නෙමෙයි ඊට පෙර දිනයක. නමුත් විභාගය අවසන් වනතුරු ඒ අය ගැන සෝදිසියෙන් සිට විභාගය අවසන්වූ පසු

 පහරදීමට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් සිසුන් කිහිපදෙනෙකු සොයමින් පවතිනවා.
 අප ඉල්ලා සිටින්නේ දෙමව්පියන්ගෙන් හා ආචාර්යවරුන්ගෙන් මේ සිදුවීම් දෙස සෝදිසියෙන් සිට අවවාද සිදුකරන ලෙසයි. අනිසි අපරාධයකට යොමු වන්නට පෙර එය සිදුවිය යුතුයි.

දරුවා කොයිතරම් හොඳට අධ්‍යාපනය ලැබුවත් මොනා රැකියාවක නිරතවුවත් විදේශගතවන්නට යොමු කළත් විනය කඩවීම සම්බන්ධ වැරදි පැවතීම කිසිසේත් හොඳ නැහැ.ඒ දරුවාගේ අනාගතයට එය බලපානවා. මේ විදිහට අනාගතයේදී සම්පූර්ණයෙන්ම ඔහුගේ ගමන මග වෙනස් කරන්න මෙවැනි සුළු කාරණා හේතු වෙන්න පුලුවන්.
 නොතේරුම්කම නිසා තරුණ වයසේ ද යම් යම් ආවේගශීලී තත්ත්වයක් නිසා එවැනි ගැටුම් ඇතිකර ගත්තාට පසු කාලයේදී එසේ නොකරන්නට නිසි මගපෙන්වීම අවශ්‍යයි. මේවා පොලිසියට පමණක් පාලනය අපහසුයි."
සමාජ ජාලාවල පැතිර ගිය වීඩියෝව පහතින්
 



 

පෙර සිද්ධිය