kolonnawa-temple-theft

කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ ආවාස ගෙට ඇතුළුවී විහාරාධිපති හිමියන් සතු රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
මෙම පැමිණිල්ල සිදු කර තිබුනේ පන්සලේ සේවය කරමින් සිටි සේවකයෙකි. ඔහු පවසා තිබුනේ පසුගිය 12 වනදා ආවාස ගෙයි ජනෙල් වීදුරු තුනක් ගලවා තිබීම සැකයට හේතුවූ බවත් ඒ ගැන විපරම් කර වැඩිදුර සොයා බැලීමේදී ස්වාමීන් වහන්සේගේ බෑගය වෙත කිසි වෙකු ගමන් කර ඇතැයි සැක කළ බවත්ය.මේ නිසා මුදල් අඩුද යනුවෙන් තමා ඇසූ බවත් විහාරාධිපති හිමියන් සතු රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් නැතිවී ඇති බව දැනගත් බවත්ය.



මේ සම්බන්ධයෙන් ඒ පිළිබඳ පැමිණිලි කළ සේවකයා ගොත ගසමින් සැකකටයුතු ආකාරයෙන් මෙම ප්‍රකාශය සිදු කළ අතර පරීක්ෂණ අතරවාරයේදී පොලිසියට ඇතිවූ සැකය මත වැඩිදුර ප්‍රශ්න කිරීමට සේවකයාම අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී තමන්ට ලැබෙන වැටුප මදි බැවින් මෙම සොරකම සිදුකළ බව ඔහු පවසා ඇත.
පොලිසිය නොමග යැවීම සඳහා ජනෙල් වීදුරු ගැල වූ වූ බවද සැකකරු වැඩිදුරටත් පවසා තිබුණි.
63 හැවිරිදි සැකකරු හෝමාගම පදිංචිකරුවෙකු වන අතර මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.