මාලිගාවත්ත "ලක්හිරු සෙවණ" මහල් නිවාස යෝජනා ක්රමයේ පදිංචි කාන්තාවක කොණ්ඩෙන් ඇදගෙන යාබද නිවසකට ගෙන ගොස් කඩුවලින් කපා බරපතළ තුවාල සිදු කර ඇති බව දෙමටගොඩ පොලීසිය පවසයි. මත්ද්‍රව්‍ය ආරවුලක් මුල් කරගෙන මෙසේ ප්‍රහාර එල්ල කර පලායමින් සිටි සැකකරුවන් දෙදෙනා විනාඩි කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ රෝසි නමින් හඳුන්වන 38 හැවිරිදි කාන්තාවක බවත් ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිසිය පවසයි. අත් දෙකට සහ හිසට ප්‍රහාර එල්ල වී ඇති බවද පොලිසිය කියයි. මෙම කාන්තාව මහල් නිවාස ක්රමයේ 8 වන මහලේ පදිංචිව සිටින බවත් ඉකුත් 9 වැනිදා රාත්‍රී 9.30ට පමණ බිම් මහලේ නිවසක පැවති පින්කමකට සහභාගි වි සිටියදී සැකකරුවන් එහි පැමිණ ඇයගේ කොන්ඩෙන් ඇදගෙන අසල වෙනත් නිවසක් වෙත ගෙන ගොස් එහි දී කඩු ප්‍රහාරය කර ඇති බව පොලිසිය පවසයි.
කඩු ප්‍රහාරය එල්ල කළ සැකකරුවන්ට එම ස්ථානයේ සිටි පිරිසක් ප්‍රහාර එල්ල කිරීමට යාමේදී. ඔවුන් දෙදෙනා දිව ගොස් ඇති අතර එලෙස දිව යමින් සිටියදි නිවාස සංකීර්ණය අසල මාර්ගයේ රථ වාහන මෙහෙයුමක නිරතව සිටි පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනා තමන්ට භාර දෙන ලෙස කියමින් එම ස්ථානයේ සිටි පිරිස නොසන්සුන්කාරි ලෙස හැසිරි ඇති අතර පහර දීමට උත්සාහ කිරීමේදී පොලිසිය සැකකරුවන් දෙදෙනා යාබද නිවසකට දමා වසා පොලිස් ජිප් රථයක් ගෙන්වාගෙන මහත් පරිශ්‍රමයක් පොලිසියට රැගෙන යොදා දෙමටගොඩ ගොස් ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දෙමටගොඩ සහ ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔවුන් දෙමටගොඩ චමින්ද නමැති සංවිධානාත්මක අපරාධකරුගේ පුතාගේ ගෝලයන් බවට ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බවත් පොලිසිය කියයි. ප්‍රහාරයට ලක් වූ කාන්තාව මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් කීප වරක්ම අත්අඩංගුවට පත්ව නඩු පවතින බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමක් මුල් කරගෙන ඇයට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක කරන බවත් පොලිසිය කියයි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්දිකා රාමනායක
0 Comments