lakshman-yapa-speaks

වයඹ ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.



"මම වයඹ පළාතේ ආණ්ඩුකාරයා විදියට පත් වුණාට පස්සේ මං බැලුවා ප්‍රධාන දේ වයඹ පළාතේ අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. පළාත් 9න් 8 වෙනි තැනට තියෙන්නේ. පුත්තලම් දිස්ත්‍රික්කය ඉතාම අමාරු දිස්ත්‍රික්කයක්, මුල්ම කාර්‍යය වෙලා තියෙන්නෙ පුත්තලම් දිස්ත්‍රික්කයට ගුරුවරු විශාල ප්‍රමාණයක් ලබා දීම. සෑම මහජන දිනයක්ම උදේ 9 ඉඳළා සඳුදා දින මහජන දින පවත්වන්නත්, ඒ වගේම ඩෙංගු වසංගතය අපි මර්ධනය කරගෙන ගිහිල්ලා තියෙනවා. මම ඉඩක් දෙන්නෙ නෑ මහජන නියෝජිතයන් නැතුව රජයට දෝෂාරෝපණයක් වෙනවට.



හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් එක්ක මම වැඩ කරනවා. ප්‍රාදේශීය සභා වල ඉඳපු සභාපතිලා මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ සියල්ලටම කියලා තියෙන්නේ ඔබේ ප්‍රශ්න අරගෙන එන්න ඒකට මං මැදිහත් වෙනවා, අපි මේක ක්‍රියාකරගෙන යමු. අද ජනාධිපතිතුමා නිරපාක්ෂික ජනාධිපති කෙනෙක් විදියට තමයි හැසිරෙන්නේ.

මාධ්‍යට නිදහස තියෙන්න ඕන කියන එක මම 100%ක් පිළිගන්වා. මාධ්‍යක් මර්දනය කරන්නත් අවශ්‍යතාවයක් නෑ. මේ පනත තුළ සමාජ මාධ්‍ය වගේ විශාල ජනතාව නොමඟ යවන, සමහර අවස්ථාවන් වලදී සමාජ මාධ්‍ය හැසිරෙන්නේ, සමහර අයගේ ජීවිත විනාශ කරනවා චරිත විනාශ කරනවා.

මර්ධනයක් කරන්න බෑ. හැබැයි නියාමනයක් තියෙන්න ඕන.

හැම වෘත්තියකම ඉන්නවා තමන්ගේ වෘත්තියේ වටිනාකම දන්නෙ නැති අය. තමන් කරන රාජකාරිය මොකක්ද කියලා තේරුම් ගන්න බැරි පිරිසක්. මන්ත්‍රීවරයා පත් කරන්නේ මහජනතාව. දැන් රත්තරං ගේන්නේ මන්ත්‍රීවරයෙක් විතරක්ම නෙමෙයිනේ, රත්තරං ගේනවා ඕන තරම් මිනිස්සු. අද මේ රටේ තියෙන තත්වේ අනුව නීති වලින්ම හැමදේම කරන්න බෑ."