mahinda-jayasinghe

පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්  ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මෙසේ පැවසීය.

"රනිල් රාජපක්ෂ ආණ්ඩුව දැන් හත්පොළේ ගාගෙන ඉන්නේ. IMF පදේට නටන්න ගිහිල්ලා දැන් නටන්න බෑ පොළොව ඇඳයි කියන මට්ටමට ආණ්ඩුව වැටිලා තියෙනවා. අපිට පේනවා මොන තරම් අසරණ ජනතාවක්ද තව තවත් අසරණ කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ බලය අරගෙන මාස 13කට වැඩී. තව තවත් මේ රටේ ජනතාව කබලෙන් ළිපට වට්ටලා තියෙනවා.

තමන්ගේ වැටුප අඩුම තරමේ මාසේ භාගයක් ජීවත් වෙන්න ප්‍රමාණවත් නැති වෙලා තියෙනවා. ලක්ෂ 70ක් ජනතාව කන්න විදියක් නෑ. එක්කො කන ප්‍රමාණය අඩු කරලා.



බැංකු වහලා තවත් ගේමකට මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ. මොකක්වත් වෙන්නෙ නැත්තම් මොකටද බැංකු වහලා තියෙන්නේ දවස් 5ක්? අපි අභියෝග කරනවා කැබිනට් මණ්ඩලේට දාපු ඒ ඉදිරිපත් කිරීම මුළු රටටම ඉදිරිපත් කරන්න. එකතු වෙලා ගහලා වැරදුනාට පස්සේ වැරැද්ද තව කාට හරි පටවලා ඔවුන් අත සුද්ද කර ගන්න හදනවා.

මේ රට දැවැන්ත අර්බුද ගනනාවකට ඔවුන් ලක් කරමින් තිබෙනවා. ඒක එළියට දාන මාධ්‍ය මාධ්‍ය වලට වැට බදින්න විකාශන අධිකාරී පනත් ගේනවා. කළින් ගෙනාව ත්‍රස්ත විරෝධී පනත, ත්‍රස්ත විරෝධී පනතට දැවැන්ත විරෝධයක් එල්ල වුනාට පස්සේ ඒක අකුලගෙන ඒකෙම කාබන් කොපිය ගේනවා මාධ්‍ය වලට වැට බඳින්න."