maithripala-poet

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිය මළනුවන්ගේ දියණියගේ විවාහ උත්සවයට සහභාගී වී ගායනා කරන ලද කවියක් මේ දිනවල සමාජ මාධය තුළ ප්‍රකටවී තිබේ.
කලකට ඉහත අමරබන්දු රූපසිංහ නමින් මෛත්‍රිපාල සිරිසේන සිදුකළ කථන ගායනයට සමාන මෙම කවිය කීම ගැන ඒ මහතා මේ මෙසේ අදහස් දක්වා සිටියේය.

“මගේ මල්ලිගේ දුවගේ මගුල් ගෙදර. මනාල පාර්ශවයෙන් ආපු තරුණ දරුවෙක් ඒ මම කියපු විදිහටම කිව්වා ඒ මනමාල මහත්මයා ගැන. මං මනමාලියි, මනමාලයයි දෙන්නම ගැන මම විහිලුවට විනෝදයක් මම කළා. මහප්පා විදිහට. ඉතින් ඕවගෙන් කවුරු හරි විනෝද වෙනවා නම් හිනා වෙලා ඉතින් ඒකත් මම සතුටක් ලබනවා. කවුරුහරි වින්දනයක් ලබනවා නේද මම කරපු දෙයින් කියලා.”