ශ්‍රි ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමාජ මාධ්‍ය වෙත වීඩීයෝවක් මුදාහරිමින් තම ඉරියව්වෙන් පන්දු යවන කුඩා දරුවා සම්බන්ධව මෙසේ පැවසීය.
"මේ වෙනකොට සමාජ මාධ්‍ය තුළ මගෙනුත් අහන්නෙ නැතුව මම කියන විදියට සහ මම හිතන විදියට කියලා මතය ඉදිරිපත් කරමින් යනවා. මේක හොඳ දෙයක් නෙමෙයි විශේෂයෙන්ම ඒ කුඩා ක්‍රීඩකයට ඒ කුඩා පන්දු යවන්නට. ඒ වීඩීයෝ එක දැක්කට පස්සේ මම ක්‍රීඩා කරන්න පටන් ගත්ත කාලේ විශේෂයෙන්ම ඒ වයසෙදී, මට ලැබූණු අවස්ථාවන් එක්ක මම හිතුවා ඔහුට උපතින්ම පන්දු යැවීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේ දක්ශතාවයක් සහ හැකියාවක් හරිම අමාරුයි කිසිම පුහුණුකරුවෙකුට පුහුණු කරන්න.
ක්‍රිකට් ගහපු කෙනෙක් දන්නවා කොච්චර ආසද ටෙනිස් බෝලෙන් බෝල් කරන්න. ඒ බෝල් කරන අවස්ථාවෙදී ඒ විඩීයෝ එක කරලා ඒක නිකුත් කරපු එක්කෙනාටත් දැනෙන්න ඇති මේ වීඩියෝ එක එළියට දාන්න ඕනෙ කියලා. ඒ වගේ කට්ට කලා ඕනම අව්වක වැස්සක අනුවර්තනය වෙලා ඕනම තැනක සෙල්ලම් කරන්න පුළුවන් හැකියාව ලබාගන්න, ඒක තමන්ගේ අපහසුතාවයන් එක්ක ලැබෙන දෙයක්. පසුගිය දිනක ඔහුගේ දෙමාපියන් සමඟ කතා කරා එහිදි මම දැනගත්තා ඔහු මේ වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාව හදාරන්නෙ නෑ කියලා ලෙදර් බෝලෙන්. මම තීරණය කලේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ආසනම් ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් පාසලකට යොමු කරන එක. අපි දැනට දැකලා තියෙන්නේ පන්දු යවන ඉරියව්ව විතරයි. ඔහු ලසිත් මාලිංග වගේ නෙමෙයි පන්දු යවන්නේ. ගොඩක් දෙනෙක් වැරදි අර්ත කථන දීලා තියෙනවා. අපි බලමු කොහොමද ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තට පස්සේ ඊළඟ අවුරුදු තුන හතර පහ ක්‍රීඩා කරන්නේ, ක්‍රීඩා කිරීමේ හැකියාවක් තියෙනවද? ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ආස කරයිද තව ඉස්සරහට යනකොට. ඊට පස්සෙ තමයි අපි තීරණය කරන්න ඕනේ කොහොමද එයාගේ දක්ශතා තියෙන්නේ කියලා."
0 Comments