mannar-incident

මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේදී අච්චන්කුලම් ගම්මානයේදී පහරදීමකින් මිය ගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් හෙලි වී ඇති බවට මුරුංගන් පොලීසිය පවසයි.

නානාට්ටාන් ප්‍රදේශයේ නිවසක් තුලදී පසුගිය 17 වනදා ගිය පුද්ගලයෙකු නිවැසියන් සමග ඇතිකරගත් ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ මාරාන්තික පහරදීමක් හේතුවෙන් අදාල පුද්ගලයා නානාට්ටාන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.



අනතුරුව මුරුංගන් පොලීසිය විසින් සිදුකරන ලද පරික්ෂණ වලදී අනාවරනය වී ඇත්තේ මිය ගොස් සිටි පුද්ගලයාගේ බාල සොහොයුරා අච්චන්කුලම් ප්‍රදේශයේ තරුණියක් සමග ඇතිකරගෙන තිබූ ප්‍රේමසබඳතාවයකට තරුණියගේ දෙමාපියන් දැඩි විරෝධ පා ඇති අැත.

පසුව සිය පෙම්වතියගේ නිවසට ගිය මියගිය පුද්ගලයාගේ බාල සොහොයුරාට නිවැසියන් විසින් එම ප්‍රේම සබඳතාව නවත ලෙස පවසා පහරදීමක්ද සිදුව ඇතැයි වාර්ථා වී ඇත.



පසුව සිය බාල සොහොයුරාට පහරදීම නිසා එයට උරණ වූ වැඩිමල් සොහොයුරා අදාල නිවසට ගොස් නිවැසියන් සමග ඇතිකරගත් බහින්බස්වීම ආරවුලක් දක්වා දුරදිග ගොස් නිවැසියෙකු විසින් හිසට සිදුකල පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා නානාට්ටාන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මෙම වැඩිමල් සොහොයුරා මිය ගොස් ඇතැයි දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව සැකපල කරන බවට පොලීසිය පවසයි.

අදාල පහරදීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ 25 හැවිරිදි අච්චන්කුලම් ප්‍රදේශයේම පදිංචි එක්දරු පියෙකු වන අතර අදාල පහරදීම සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද මුරුංගන් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ