වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පුහුණුවීම් සඳහා යොදා ගන්නා මළසිරුරු වල කොටස් එම පුහුණුවෙන් පසුව, මහරගම බැරෝඩා වත්තේ පිහිටි ජොරානිස් පීරිස් කනත්තට, ලොරියකින් ගෙනැවිත් අනාරක්ෂිත ලෙස , අත හැර දමා යාමෙන් ප්‍රදේශවාසීන් සෞඛ්‍ය ආරක්ෂිත ගැටළු රැසකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.
එසේ රැගෙනවිත් අතහැර දමා යන මළ සිරුරු වලක් හෝ හාරන්නේ නැතිව, එහි තිබෙන වළකට දමා ඒ මතුපිටට පස් දමා යන යාමෙන් මෙම අවදානම දෙගුණ තෙගුණ වී ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති.
ඊයේ සවස මෙසේ ලොරි රථයකින් මහරගම බැරෝඩා වත්තේ පිහිටි ජොරානිස් පීරිස් කනත්තට මළ සිරුරු ගෙනවිත් කිසිම ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකොට වල දමන ස්ථානයට ඔසවා ගෙන ගොස් අතහැර දමා ඒ මතුපිටින් පස් දමා අවිධිමත් ලෙස වසා දමා ගිය බවද පැවසේ.
එහෙත් මේ සඳහා කිසිම ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරන අතර එහි දී මළ සිරුරවල, අස්ථි , කන් දිවවල් ආදී කොටස් අතර මග වැටී තිබෙන අයුරු දක්නට ලැබේ. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ, මෙම මළ සිරුරූවල කොටස් බල්ලන් සහ කපුටන් රැගෙන ගොස් ඒවා තමන් බීමට පානය කරන අවට පානීය ළිං වලට දැමීමෙන් හා අවට පරිසරයේ තැන තැන දැමීමෙන් සෞඛ්‍ය හා පාරිසරික ගැටලු රැසක් මතුව ඇති බවයි.
මේ පිළිබඳව මහරගම නගර සභාවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ වෛද්‍ය ශිෂ්‍යයන් ගේ පරීක්ෂණයෙන් පසුව ඉවත් කෙරෙන මළ සිරුරු මෙම සුසාන භූමියේ තැන්පත් කිරීමට අවසර දී ඇති බවත් ඒවා විධිමත් පරිදි භූමිදාන කළ යුතු බවට අදාළ ආයතන වලට දැනුම් දි ඇති බවත්ය.
- මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
0 Comments