මිහින්තලේ රජ මහා විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගේ නම සහ ඡායාරූපයක් යොදා ගනිමින් ව්‍යාජ ලෙස සකස් කළ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ එම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා මුදල් එකතු කරන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පෙරේදා (12දා) විමර්ශනයක් ආරම්භ කළ බව මිහින්තලේ පොලීසිය පවසයි.
මිහින්තලා රජමහා විහාරස්ථානයේ විහාරවාසී සුරුක්කුලමේ ඉන්ද්‍රරතන හිමියන් ව්සින් සිදු කළ පැමිණිල්ලකට් අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. "ආචාර්ය ධම්මරතන හිමි" ලෙස නම සඳහන් කරමින් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ ඡායාරූපයක් යොදා මෙම ව්‍යාජ ෆේස්බුක් ගිණුම නිර්මාණය කර ඇති බව පොලීසිය කියයි.
මිහින්තලේ රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ආධාර මුදල් පෞද්ගලික බැංකුවක ගිණුමකට බැර කරන ලෙසට එහි ප්‍රචාරය කර තිබේ. මිහින්තලය රජමහා විහාරස්ථානය මගින් මේ ආකාරයට මුදල් එකතු කිරීමක් සිදු නොකරන බවද පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්ව ඇතැයි පොලීසිය කියයි. සිද්ධියට සම්බන්ධ සැකකරු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලේ පොලීසියේ නිලධාහූ වැඩිදුර විමර්ශන සිදු කරති.
බී.චතුරංග
0 Comments