
මෙරටට දොඩම් ආනයනය අඩු කිරීම සඳහා නාරං විශේෂයක් වන මැන්ඩරීන් වගාව ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
දැනට කහ නාරං වගාව මැදරට වියළි කලාපයට අයත් බණ්ඩාරවෙල සහ රහංගල යන ප්‍රදේශ ආශ්‍රිතව සාර්ථකව වගා කෙරෙන බව හොරණ,පලතුරු භෝග පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව කොළ නාරං දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වගා කළහැකි බවද එම මධ්‍යස්ථානය කියයි.
දොඩම් ආනයනය අඩුකර මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව මැන්ඩරීන් නාරං විශේෂය ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
ඉකුත් වසරේදී (2022) රුපියල් කෝටි 117 ක මැන්ඩරීන් නාරං ආනයනය කර ඇත. එම වසරේදී ආනයනය කර තිබෙන මැන්ඩරීන් ප්‍රමාණය කිලෝග්‍රෑම් ලක්ෂ 57 කි. මැන්ඩරීන් කිලෝවක් සුපිරි වෙළෙඳසල්වල අලෙවි කෙරෙන්නේ රුපියල් 1500 ත් 2000 ත් අතර මිලකටය.
මැන්ඩරීන් පැළ රහංගල පැළ තවානෙන් ලබාගත හැකි බවද, විශාල පැළ තොගයක් අවශ්‍ය නම් කල් ඇතුව ඇණවුම් බාරදිය යුතු බව හොරණ, පලතුරු භෝග පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය කියයි.
මැන්ඩරීන් වගාව රටතුළ ව්‍යාප්ත කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී නිලධාරීන්ට දැනුම් දුන්නේය.
සාලිය කුමාර ගුණසේකර
Comments
Post a Comment
Your comment will be visible after approval