navin-dissanayake

සබරගමු පළාතේ නව ආණ්ඩුකාරවරයා වශයෙන් නවීන් දිසානායක මහතා අද (13) දහවල් දිවුරුම් දී තිබේ.
මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත් කැබිනට් තනතුරු දරා ඇති නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායකවරයා ද වේ.දිවංගත ගාමිණී දිසානායක මහතාගේ පුත්‍රයෙකි.




පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්ව සිටියේය.

සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස රාජකාරි කළ ටිකිරි කොබ්බැකඩුව පසුගිය 10 වනදා ඉල්ලා අස්විය.
එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ට යහපත් නමක් තනාදී ඉදිරි මැතිවරණයකට සූදානම් කිරීම අරමුණු කරගෙන ජනපති බලතල ප්‍රකාරව මෙම පත්කිරීම් සිදු කර තිබේ.