new-zealand-mouse

නවසීලන්තය එරට තුළ වෙසෙන මීයන් සහමුලින්ම තුරන් කිරීම සදහා වන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව එරට වෙළින්ග්ටන්හි හි මීරාමාර් ප්‍රදේශයේදී පසුගියදා මෙම කටයුතු අරඹා තිබේ. විශේෂයෙන්ම මෙම මීයන් හේතුවෙන් තර්ජනයට ලක්ව සිටින  නවසීලන්තයට ආවේණික පක්ෂීන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇතැයි සඳහන් වෙයි.





වාර්තා සදහන් කරන ආකාරයට විවිධ විලෝපිකයන් හේතුවෙන් නවසීලන්තයට වසරකට පක්ෂීන් මිලියන 26ක් පමණ අහිමි වෙයි. එහිදී පැසිෆික් මීයන්, නොකා මීයන් සහ නෝර්වේ මීයන් යන ප්‍රධාන මීයත් වර්ග තුන දරුණුතම බලපෑම්කරුවන් ලෙස හදුනාගෙන තිබේ. ඒ අනුව, මෙම උත්සාහය යටතේ වසර 2050 වනවිට නවසීලන්තයේ සිටින අවසන් මීයාත් ඉවත් කිරිම අරමුණ බව පැවසෙයි. මෙහිදී එම මීයන් ඇල්ලීම සඳහා සත්ත්ව සංවිධාන රැසකම විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව තිබේ. මෙහිදී විවිධ ක්‍රමවේද යොදා ගනිමින් මීයන් ඇල්ලීම අරමුණ වී තිබේ. එසේම ආවරණය කෙරෙන ප්‍රදේශය පිළිබඳව තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා ඇප් වැඩසටහනක සහායද ලබාගෙන තිබේ.