phone-price-cant-reduce

මින් ඉහත වාර්තාවූයේ ඩොලරයේ අගය පහත වැටීමට සාපේක්ෂව ආනයනික ජංගම දුරකථන මිල පහත දැමිය හැකි බවට ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා කියා සිටි බවයි.


කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු එසේ කියා තිබුනි.


නමුත් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා කියා ඇත්තේ ආනයන සීමා ලිහිල් වීම මත ජංගම දුරකතනවල මිල 20% කින් අඩු කරන බවට සැපයුම්කාර සංගම් ප්‍රකාශ කළ ද අලෙවි කරුවන් ජාලයක් නියෝජනය කරන තමන්ගේ සංගමයේ අය සතුව වැඩි මලට මිලට ගත් දුරකථන තොග තවම පවතින බවත්
ඒවා දෙතුන් ගුණයකින් වැඩි මිලට ලබාගෙන තිබෙන නිසා අලෙවි කිරීමේදී සහනයක් සලසන්නට හැකියාවක් නැති බවයි.


මිල අඩුවට තිබු දුරකථන ගැන මින් ඉහත රජය ගත් එක් තීන්දුවක් හේතුවෙන් එක් රැයකින් විශාල ලෙස වැඩි වූ බව ද ඒ කාලයේ අඩුමිලට ආනයනය කළ දුරකථන ඔවුන් වැඩි මිලට ලබාදුන් බවද එම අවාසිය මත තවම එම තොගවල මිලට ගත් වටිනාකම් ඉහළ බවද ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් දුරකථන අඩුවීමේ වාසිය ඉක්මණින් ජනතාවට ලබාදීමට නොහැකි බවත් ඒ ගැන ජනතාවගෙන් සමාව අයදින බවත් ඔහු කීය.