poson-dansel

ඊයේ ( 31) දිනට පොසොන් දන්සල් දහ හතර දහස් දෙසිය පනහක් ලියාපදිංචි කර තිබේ. ලියාපදිංචි කර තිබෙන දන්සල්වලින් වැඩිම ප්‍රමාණය බස්නාහිර පළාතේ බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.

පොසොන් සතියේදී සැදැහැවතුන් සඳහා සැපයෙන සියලුම දන්සල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තුන්දහසක් සේවයේ යෙදවීමට පියවර ගෙන තිබෙන බවද සභාපතිවරයා පැවැසීය.



දන්සැල් සඳහා ගන්නා සියලුම ආහාර අමු ද්‍රව්‍ය ජලය ඉතාමත් පිරිසිදු ලෙස සපයා ගතයුතු බව දන්සැල්හිමියන්ට දන්වා සිටින බවත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සැපයීම තේ පැන් අයිස් ක්‍රීම් ඇතුළු දෑ සැපයීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද උපුල් රෝහණ පැවැසීය.

විශේෂයෙන්ම අනුරාධපුරය මිහින්තලය ඇතුළු පූජා භූමි ආශ්‍රිතව පවත්වාගෙන යන දන්සල් පරීක්ෂාවට විශේෂ වැඩ පිළිවෙළක් සකස් කර තිබෙන අතර දන්සල් සඳහා ගන්නා ජලය බීමට ගන්නා ජලය පිළිබදව විශේෂ සැලකිල්ලක් දක්වන බවද පැවැසීය.

පිරිසුදු චේතනාවෙන් ලබාදෙන දන්සල් ඉතාමත් පිරිසිදු ලෙස සැපයීමට උනන්දු වන ලෙස දන්සල් හිමියන්ගෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටී.