rajanganaye-thera-in-trouble


ආගමික සංහිදියාවට හානි වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින රාජාංගනයේ සද්ධාරතන හිමි ජූලි මස 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් වරයා අද (21)නියෝග කළේය.


පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඉකුත් මස 28 වැනිදා අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් සම්බන්ධව කළ විමර්ශනයකදී රුපියල් කෝටි අටක මුදලක් ගෝතමාලාවේ බැංකු ගිණුමකින් මෙරටට එවා ඇතැයි ​වාර්තා පළව තිබේ.
එංගලන්තයේ සිටින පින්සිරි නමැති අයකු විහාරස්ථානය සංවර්ධනයට රුපියල් කෝටි අටක් එවා ඇති නමුත් විහාරස්ථානය සංවර්ධනයට වැයකර ඇත්තේ රුපියල් ලක්ෂ පනහක මුදලක් බව හෙළි වී ඇත.
මෙම හිමියන් අනුරාධපුරයේ බැංකුවල ඇති ගිණුම් දෙකකින් රුපියල් පන්දහසේ නෝට්ටුවලින් රුපියල් ලක්ෂ අටක් ගෙන ටෙලි නාට්‍ය නළුවෙකු සමග එක්ව ගම්වාසීන්ට බෙදා දීමේ සිදුවීමක් ගැනද අපරාධ පරීක්ෂණ අංශ තොරතුරු හෙලි කරගෙන ඇත.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

ආගමික සහජීවනයට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම හා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මවට අසභ්‍ය වචනයෙන් බැණවැදීම යන චෝදනා මත සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගත්තේ ඉකුත් මස 28 වැනිදාය.