හිටපු ප්රවෘත්ති අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා පැවැති වැඩසටහනකදී විද්‍යුත් නියාමන විකාශන පනත් කෙටුම් පත පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
"මේ පනත් කෙටුම් පතටනම් භය වෙන්න ඕනේ. මේකේ තියෙනවා දරුණු තැන්. ත්‍රස්ත විරෝධී පනතට ගේන්න බැරි වෙච්ච තැන් ඔබලා තියෙනවා කියලා අපිට පේනවා. අයින් කරනවට වඩා මේක සංශෝධනය වෙන්න ඕනේ. එක මාධ්‍ය ආයතනක් විතරයි විරුද්ධ. මේ පනත සම්බන්ධයෙන් ප්‍රහාර එල්ල වෙන්නේ එක මාධ්‍ය ආයතනයකින් විතරයි.
කොමිසම පත් කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. අධ්යක්ෂ ජෙනරාල්වරයා පත් කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේක ශක්තිමත් කර ගන්නයි ඕනේ. මේ වගේ පනතක් අත්‍යවශ්‍යයි. අපි ගෙනාපු පනත් කෙටුම් පතේ කමිටුවේ ප්‍රධානියා වෙලා හිටියේ විජයානන්ද ජයවීර මහත්තයා.
මාධ්‍ය අයිතිකරුවෝ හතර පස් දෙනෙක්ට ඕන විදියට රට දුවන්න බෑ. මැතිවරණය කිට්ටු වෙනකොට නයි ගේන්න බෑ. මේවා නවත්තන්න ඕනේ.
සමහරුන්ට නිවුස් කියන්න බෑ, ඒත් නිවුස් කියනවා. සමහර මාධ්‍ය ආයතනවල තියෙන ලයිසන් එක අවුරුද්දකට පස්සේ ප්රවෘත්ති කියන්න ඒක රීඇප්ලයි කරන්න ඕනේ. සිස්ටම් එකම අවුල්. අපි උත්සහ කලේ අලුතෙන් නීති ගෙනල්ලා මොකක් හරි ක්‍රමයක් හදන්න මේකට. හිතවත්කම අනුව පිටුවේ දිග වෙනස් වෙනවා ලයිසන්. අපිට තමයි මේ වල්බූරූ නිදහසක් තියෙන්නෙ නීතියක් නැතිව.
චොක්ලට් ව්‍යාපාරය වගේ නෙමේ මාධ්‍ය ව්‍යාපාරය කියන්නේ. මේක මිනිස්සුන්ගෙ ඔලුවලට කතා කරන ව්‍යාපාරයක්. මේ පනත කොහෙන් ආවද කියලා අපි දන්නේ නෑ. කොහෙද යන ලියවිල්ලක් අරන් මේසෙ උඩට දාලා හරියන්නෙ නෑ. ලියවිල්ල හදන්න කලින් කට්ටියත් එක්ක කතා කරන්න.
මාධ්‍ය උණ නිසානේ අපි එන්නේ මාධ්‍යට. ඒ උණ ඇත්තටම සනීප වෙනවනේ ආවයින් පස්සේ. ඇත්තටම මාධ්‍යකරුවෙක් නෙමෙයි කුලීකාරයෙක් වෙනවනේ. ලොක්කා කියන දේ කරන්න එපැයි කුණු වැඩටික. අයිතිකාරුවාට ඕන විදියට අපේ මාධ්‍යකරණය කරනවා."
0 Comments