ඊයේ (12) කැබිනට් අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ජනාධිපති ලේකම් කාර්යාලයට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට කැඳවා තිබුණත් පොදුජන පෙරමුණේ බහුතරයක් දිස්ත්‍රික් නායකයින් එම සාකච්ඡාවට සහභාගී වී නොමැති බව වාර්තා විය.
පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ජනාධිපතිවරයා හමුවීමට ඊයේ (12) දහවල් වෙනම හමුවී සාකච්ඡා කර තිබෙයි.
එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයා කැඳවූ රැස්වීමට සහභාගී නොවී සිටීමටයි.
පක්ෂය වෙනුවෙන් සාකච්ඡා හා රැස්වීම්වලට සහභාගී වීමට හැකි බවත් ජනාධිපතිවරයා, නිලධාරීන් හෝ අමාත්‍යවරුන් කැඳවන සාකච්ඡා සඳහා සහභාගී වීමට හැකියාවක් නොමැති බව මෙම සාකච්ඡාවේදී ඔවුන් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පෙන්වා දී තිබෙයි.
ජනාධිපතිවරයා නොව කවුරු කැඳවීමක් කළත් ඒ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දැනුවත් කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
0 Comments