ranil-thondaman-india

ජූලි 21 වැනිදා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට දින යොදාගෙන තිබෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එසේ ගමන් කරද්දී ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ද සංචාරයට එක්කරගන්නා බව වාර්තාවේ.



ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා සහ ජාතික ආරක්ෂක උපදේශකවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර දේශපාලනය. ආර්ථික, ආරක්‍ෂාව සහ කලාත්මක හා සංස්කෘතික සබඳතා වර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.