ranil-uk-france

බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ නිල සංචාරයක් සඳහා ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම දිවයිනෙන් පිටත්වගොස් තිබෙනවා.
අද අලුයම 03.30ට පමණ ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිටත්වගොස් ඇති බවයි වාර්තාවන්නේ.



ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් මීට පෙර අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනයක් සිදු කර තිබුණා.

ඒ අනුවයි ජනාධිපතිවරයා ප්‍රංශයේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීමට දිවයිනෙන් පිටවගොස් තිබෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කර තිබේ.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත්කර ඇත.

ජනාධිපතිවරයා සිය බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ නිල සංචාරය නිමවා දිවයිනට යළි පැමිණෙන තුරු මෙම පත්කිරීම් සිදුකර ඇති බව සඳහන්.