රත්මලාන, ඉන්ද්‍රජෝති පාර වාද්දූව වත්ත ප්‍රදේශයේ පිහිටි සුරතල් මසුන්ගේ ටැංකිවලට යොදන ඔක්සිජන් ජල ෆිල්ටර් ඇතුළු උපකරණ ආනයනය කර බෙදා හරිනු ලබන ආයතනයක ගබඩාවකින් එම ෆිල්ටර් තොගයක් සොරා ගන්නා ලද පුද්ගලයෙකු සොරාගත් එම ෆීල්ටර් තොගය හා හෙරොයින් මිලි ග්‍රෑම් 12000ක් ද සමඟ ඉකුත් 24 වැනිදා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.



අත්අඩංගුවට පත් සැක්කරු රත්මලාන ඉන්ද්‍රජෝති පාර වාද්දූව වත්තේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු වන අතර, අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටින අයකුද වෙයි. මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට මෙලෙස දේපොළ සොරා ගැනීමේ නිර- තව සිටින බව සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක බුද්ධි වානක මහතා වෙත ලද රහසිගත තොරතුරකට අනුව සැකකරුගේ නිවෙස වටකරන විටත් ඔහු ඇඳ යට සැඟව සිටිමින් හෙරොයින් තොගයද යට ඇඳුමේ සඟවාගන සිටියදී හා ජල ෆිල්ටර් තොගයද සමඟ පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලිසිය පවසයි.

දෙහිවල - ඩී. පී. හේරත්