ravi-karunanayake-milton-speaks

එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයා ලෙස වඩාත් නිර්පාක්ෂික භූමිකාවක් රඟ දැක්වීමට ගන්නා පියවර අනුව එජාපයේ දේශපාලන ප්‍රචාරක කටයුතු එජාපයට සහ හිටපු අමාත්‍ය රවී කරුණානායකට පැවරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව දේශපාලන අංශ වාර්තා කර තිබේ. පක්ෂය තුළ වික්‍රමසිංහගේ අනුප්‍රාප්තිකයා කරන්නට ඔහුව හැඩගස්වමින් පවතී.



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී මේ රහස හෙළි කළ බව වාර්තා වේ.



“ආසියාවේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස පිළිගත් රවී කරුණානායක මහතාට එජාපයේ ඉහළම තනතුරක් ලබාදීමට යන පුවත දැනගන්ට ලැබුණා. එහෙම වුණොත් එජාපයේ දේශපාලන අනාගතය හොඳ වේවි. විශ්වවිද්‍යාල ප්‍රජාව ලෙස අපි අවධාරණය කරන්නේ රනිල් වික්‍රමසිංහගේ අනුප්‍රාප්තිකයා ලෙස එජාපයේ දේශපාලන ව්‍යාපාරයට අදාළ සියලු වගකීම් සහ කාර්යයන් කරුණානායක මහතාට පැවරිය යුතු බවයි.
රවි ​​කරුණානායක උගත් කෙනෙක්. බුද්ධියක් ඇති දක්ෂයෙක්. යහපත් ගති පැවතුම් ඇති මිත්‍රශීලි අයෙක්. ඔහුට ජාත්‍යන්තර සබඳතා ජාලයක් තියනවා. මුළු ලෝකයම ඔහුව හඳුනා ගනී. ඒ වගේම අසරණ දුප්පත් මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔහු  උඩඟු වූ අයෙකුද නොවේ.

මධ්‍යම රාත්‍රියේ පවා ඔහු දුරකථනයට පිළිතුරු දෙනවා. ඔහු හොඳ අත්දැකීම් ඇති අයෙකි. ඔහු සිතන්නේ තරුණයෙකු ලෙසය. විවිධ චෝදනා ආවත් දැන් ඔහු අධිකරණයෙන් නිදහස් කරලයි තියෙන්නේ.

මේ දක්‍ෂතා සහ ගුණාංග නිසා රවී කරුණානායක මහතාට සමාජයේ සෑම තරාතිරමකම ජනතාව එක්‌සේසත් කළ හැකියි. ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් උසස් වීමක් ලබා දෙනවා නම් විශ්වවිද්‍යාල ප්‍රජාව ලෙස අපට මතවාදයෙන් පක්ෂයට උදව් කළ හැකියි. එක්සත් ජාතික පක්ෂයට සහය දුන් දැන් විසිරී සිටින විද්වතුන් යළි එකතු කර ගැනීමේ ශක්තියද ඔහුට තිබේ.”
 මහාචාර්ය මිල්ටන් රාජරත්න පවසා තිබේ.