ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නීතීඥ සාගර කාරියවසම් මහතා අස්වැසුම ලාභීන් තේරීම ගැන මෙසේ පැවසීය.
"මේ සමීක්ෂණය සිදු කළ ආකාරය සම්බන්ධයෙන් අපේ යම්කිසි ගැටළුවක් තියෙනවා. සමීක්ෂණය සිදුකලේ දරිද්‍රතාවය සම්බන්ධයෙන්වත්, පවුල් පසුබිම් සම්බන්ධයෙන්වත් නිසි දැනුමක් අවබෝධයක් තියෙන පුද්ගලයින් නෙමෙයි. දුගී දුප්පත් පුද්ගලයින් මේ සමාජයේ, ඔවුන්ට ලැබිය යුතු වරප්‍රසාද ලබා දීමේදී එය ඉතාම පරිස්සමෙන් කරන්න ඕනේ.
අපි දැක්කා පහුගිය කාලේ හර්ෂද සිල්වා ආචාර්‍යතුමා, චම්පික රණවක මහත්මයා දිගින් දිගටම චෝදනා කරා දේශපාලන අවශ්‍යතාවයන් මත තමයි මේක දුන්නේ කියන කාරණය සම්බන්ධයෙන්. චෝදනා කරන්න ලේසී. අපි බලන්න ඕන ප්‍රතිඵලය. සමෘද්ධි ක්‍රියාදාමය ආරම්භකරන්න කළින් මේ රටේ දරිද්‍රතාවය 26%ක් මට මතක හැටියට. එය 7%ක වගේ ප්‍රමාණයකට පල්ලෙහාට ගේන්න පුළුවන් වුනා මහින්ද රාජපක්ෂ මැතිතුමා රජය භාරදෙන අවස්ථාවේ.
සමහර තැන්වල වැරදි එකක් දෙකක් වෙලා තියෙන්න ඇති, සමස්ථයක් හැටියට එහෙම දෙයක් තිබුණේ නෑ කියන එක තමයි අපෙ මතය. අභියාචනා කාලයක් දීලා තියෙනවා. ඒ කාලය තුළ ඔවුන් අභියාචනා ඉදිරිපත් කල යුතුයි. එහෙම කරලත් ලැබිය යුත්තන්ට ලැබුනෙ නැත්තම් පක්ෂයක් හැටියට අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා."
Comments
Post a Comment
Your comment will be visible after approval