sanka-sir-arrested-kalutara
කළුතර ප්‍රදේශයේ උපකාරක පන්ති සිසුවියන්  පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී  දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින ‘සංක සර්‘ නමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජුනි 23 දා දක්වා යළි ඊමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඊයේ (09) නියෝග කළාය.


කළුතර උතුර, සුබසාධක මාවතේ පදිංචි විදාන ආරච්චි සංක තිවංක ජයවික්‍රම යන 30 හැවිරිදි අයකු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී.
කළුතර උතුර ප්‍රදේශයේ උපකාරක පන්තියක් පවත්වන සැකකරු දැරියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඊයේ දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.


සැකකරුගේ දුරකතන වාර්තා විශ්ලේෂණය කළ යුතු බව පොලිස් පරීක්ෂක දිස්නා ප්‍රියන්ති මහත්මිය අධිකරණය හමුවේ පැවසුවාය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි තරිඳු කවිරත්න සහ තාරකා කවිරත්න යන නීතිඥවරුන් සඳහන් කළේ සැකකරු ජංගම දුරකතනය අස්ථානගත වූ බව සඳහන් කරමින් විමර්ශනවලට සහායදීම පැහැර හරින බැවින් ඇප ලබාදීමට විරුද්ධ වන බවයි.
සැකකරු මාසයකට අධික කාලයක් බන්ධනාගාර ගතකර සිටින නඩු භාණ්ඩ සොයා ගැනීම පෙර කළ යුතු බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ තරිඳු කවිරත්න සහ තාරකා කවිරත්න ද විත්තිය වෙනුවෙන් නීතිඥ සංජීව ගුණරත්න සහ මනෝජ් ආබෲ ද පෙනී සිටි අතර පොලිසිය වෙනුවෙන් පොලිස් පරීක්ෂක දිස්නා ප්‍රියන්ති සහ උපපොලිස් පරීක්ෂක පී ධම්මිකා අධිකරණයට කරුණු වාර්තා කළහ.
නඩුව ලබන ජුනි 23 දා යළි කැඳවීමට නියතය.

පානදුර සුමිත් පොතුපිටිය