shanakya-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමානික්කම් මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

" විශේෂ සාකච්ඡාවක් තිබුණා, දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව . මහ බැංකුවේ අධිපතිතුමා අපිට කරන්න යන ක්‍රමවේදයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කරා.

EPF මුදල කියන්නේ අද වනතුරු මිලියන දෙකහමාරක් දැනට සක්‍රීයව පවතින ගිණුම් තියෙනවා මිලියන දෙකහමාරක්, රජයේ පෙන්ශන් එකක් නැති නිසා භාවිතා කරන්න කියලා ඉතුරු කරපු මේ මුදලට මේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරනවා කියන එක යටතේ අද අත තියන්න මේ ආණ්ඩුව සැරසිලා තියෙනවා.

පැහැදිලිවම කියන්න පුළුවන් රටේ තිබ්බ මේ උද්ධමනයත් එක්ක මේ වෙනකොට අර්ථ සාධක අරමුදලෙන් තියෙන තුනෙන් එකක ප්‍රමාණයක් නැතිවෙලා තියෙනවා. එකෙන් එහා ගිහිල්ලා තව දුරටත්, සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැති භාෂාවෙන් නොයෙක් දේවල් කරයි. අපිට තියෙන කණස්සල්ල තමයි ආණ්ඩුව දිගින් දිගටම කිව්වේ අපි කවදාවත් අර්ථ සාධක අරමුදලට අත තියන්නේ නෑ. අද වෙනකොට අර්ථ සාධක අරමුදලට අත තියන්න සියළු දේ සූදානම්."