slpp-win-prasanna-ranatunga

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විනාශකාරී කිසිවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බැවින් විපක්ෂය නිර්මාණය කරන රකුසන්ට කිසිවකු බිය විය යුතු නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා අද ප්‍රකාශ කළේය.



තම පියා වන දිවංගත අමාත්‍ය රෙජී රණතුංග මහතා ගුණ සමරු සති අන්තයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අසත්‍ය ප්‍රචාරවලට ජනතාව නොරැවටෙන ලෙසයි.

"නීති සම්පාදනය ආදියෙන් මතුවන රකුසන් ගැන විපක්ෂයේ කතා. කෙසේ වෙතත්, කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉඩ නොදෙන බැවින් ඒවාට නොමඟ නොයන ලෙස අපි ජනතාවට කියන්න කැමතියි," අමාත්‍යවරයා පැවසීය.

“විපක්ෂයත් මැතිවරණයක් ඉල්ලනවා.අපි ආර්ථිකය ස්ථාවර කරන්න පටන් ගත්තා විතරයි.ඒ නිසා මේක මැතිවරණයකට වෙලාව නෙවෙයි.අපිත් ඕනෑම මැතිවරණයකට ලෑස්තියි.අද පැවැත්වුවත් මැතිවරණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණය පවත්වන්නේ කවදාද යන්න තීරණය කරාවි" ඔහු වැඩිදුරටත් පැවසීය.

“අපිට වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ, දිගටම එතුමාට සහයෝගය දෙනවා,” යැයිද ඔහු පැවසීය.