stf-bus-arrested

කොළඹ කොටුවේ සිට කොට්ටාව දක්වා ධාවනය වූ බස් රථයක ගමන් ගත් 19 හැවිරිදි තරුණියකගේ පියයුරු ස්පර්ශ කරමින් අතවරයක් කළ බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකු කිරුළපන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේදී අදාළ තරුණිය සිය ජංගම දුරකතනයෙන් සිදුවීම වීඩියෝ ගත කර කෑ ගසා ඇති අතර, අනතුරුව මගීන් සහ කොන්දොස්තරවරයා එක්ව සැකකාර පුද්ගලයා අල්ලාගෙන පොලිසිය වෙත භාර දී ඇත. එලෙස පොලිසිය වෙත භාරදී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ මරදාන කඳවුරට අනියුක්තව සේවය කරන සැරයන්වරයෙකි.

අතවරයට ලක්වූ බව කියන තරුණිය කිරුළපන, මව්න්ට් ටෙම්පල් ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. සැකකාර පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ද අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.