ජාතික සහ පළාත් පාසල්වල ගුරු හිඟය සපුරා ගැනීම සදහා ගුරුවරුන් 39,000ක් බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවසීය. ගුරුවරුන් වෙනදා සංඛ්‍යාවට වඩා දෙගුණයක් මෙවර එකවර විශ්‍රාම යෑම නිසා බරපතළ ගුරු හිඟයක් ඇති වූ බව ද අමාත්‍යවරයා කීවේය. ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.
“ විද්‍යාපීඨ ගුරුවරුන් හත්දාස් පන්සියයකට ලබන 16 වැනිදා පත්වීම් දෙනවා. ජාතික සහ පළාත් මට්ටමින් උපාධිධාරීන් විසිහයදාහක් බඳවාගන්න අයදුම්පත් කැඳෙව්වා. ඒක දැන් විභාගයට අයදුම් කරලා තියෙනවා. සෙනසුරාද විභාගය පවත්වන්න තිබුණා. බ්‍රහස්පතින්දා තහනම් කළා. අපි ඒ ගැන නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා. ගණිතය, විද්‍යාව, තාක්ෂණවේදය, භාෂා විෂයයන් සඳහා අවශ්‍ය ගුරුවරුන් හයදහසක් බඳවා ගැනීමට අනුමැතිය සති දෙකක් ඇතුළත ලබාගන්නව. ජාතික පාසල්වලට පළාත් පාසල්වලට ඒ සඳහා අවසර දෙනවා. අධිකරණ කටයුතු අවසන් කර ගත්තොත් අපිට ගුරුවරුන් 26,000ක් බඳවා ගැනීම ඉක්මනින්ම කරන්න පුළුවන්." යැයි ද ඔහු කීවේය.
සුජිත් හේවාජුලිගේ
0 Comments