කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරයට මීටර් 75ක පමණ දුරින් සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස ගණිකා නිවාසයක් පවත්වාගෙන ගොස් තිබෙන බව හෙලිවීමෙන් පසු වැටළීමක් සිදු කර තිබේ.
මෙහි කාන්තාවන් මුදලට විකිණීම සිදුකරමින් පැවතී ඇති අතර පාලිකාවන් තිදෙනෙකු විසින් මෙය මෙහෙයවා ඇතැයිද වාර්තා විය.


කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද සෝදිසි වරෙන්තුවක් අනුව කොල්ලුපිටිය පොලිසියේ උප පොලිස් පරික්ෂක ඉලංගසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් සිදු කළ වැටෙලීමකදී සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
 ගිය එහි පාලිකාවන් දෙදෙනා ලබන ජූලි මස 07 තෙක් රක්ෂිත බන්ධනගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (26) නියෝග කළේය.
සැකකාරියන් තිදෙනාටම ඇප ලබා දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මඬුල්ල කළ ඉල්ලීම සැකකාරියන් දෙදෙනෙකුට එරෙහිව පැවැති පෙර වැරදි හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප විසින් කරනු ලැබීය. එහෙත් එක් සැකකාරියක් රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.