ඖෂධ අධිමාත්‍රාවක් ශරීර ගත කර ගැනීමෙන් සිය දිවි හානි කර ගත් බවට සැක කරන වෛද්‍යවරයකුගේ මළ සිරුරක් තඹුත්තේගම මූලික රෝහලේ වෛද්‍ය නිළ නිවසක් තුළ තිබී ඊයේ (13) පෙරවරුවේ තඹුත්තේගම පොලීසිය විසින් සොයා ගෙන ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තඹුත්තේගම මූලික රෝහලේ රුධිර කාන්දු කරණ ඒකකයේ සේවයේ නියතු කෝට්ටුපිටියගේ අමිල සඳකැලුම් දිසානායක නම් වයස අවුරුදු 35 ක් වන එක් දරු පියෙකි.මෙම වෛද්‍යවරයා මෙම නිළ නිවස තුළ තනිව ජීවත් වූ බව වාර්තා විය.
මියගිය වෛද්‍යවරයාගේ බිරිදද දන්ත වෛද්‍යවරියක ලෙස කුරුණැගල රෝහලේ සේවය කරන අතර එම වෛද්‍යවරිය පස් හැවිරිදි සිය දරුවා සමග එම ප්‍රදේශයේ පදිංචිව සිටින්නේ වෙනමය.
මිය ගිය වෛද්‍යවරයා හා බිරිඳ අතර යම් පවුල් ආරවුලක් පැවති බවට තොරතුරුද ලැබී ඇතැයි පොලීසිය පවසයි.
වෛද්‍යවරයා පසුගිය සෙනසුරාද දින පෙරවරුවේ රෝහලේ රාජකාරී සිදු කර සවස තමාගේ පෞද්ගලික වෛද්‍ය සායන මධ්‍යස්ථානයේද ප්‍රතිකාර කටයුතු සිදු කර පසුව රෝහල යාබද පිහිටි නිල නිවස වෙත ගොස් ඇත. වෛද්‍යවරයා දෙදිනක්ම සේවයට නොපැමිණීම හේතුවෙන් රෝහල් සේවකයකු වෛද්‍යවරයාගේ නිවසට ගොස් සෝදිසි කිරිමේදි වෛද්‍යවරයා නිල නිදන කාමරයේ මිය ගොස් සිටින බවට දැක ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර ඇත.
මෙම වෛද්‍යවරයා ඖෂධ අධිමාත්‍රාවක් ලබා ගැනීමෙන් පසුගිය සෙනසුරාදා හෝ ඉරිදා දිනයේ මිය යන්නට ඇතැයි පරීක්ෂණ අනුව අනකාවරණයවී ඇත.
සිරුරේ ඇස්, අත් හා පා ඇඟිලි තුඩු ඉතා කළු පැහැ ගැන්වී තිබූ අතර, වෛද්‍යවරයාගේ මළ සිරුර අසල ක්‍රියාවිරහිත කර තිබූ ඔහුගේ ජංගම දුරකථනය හා පෑනක්ද තිබිණි.ඔහුගේ මේසය මත ඖෂධ වර්ග කීපයක්ද තිබූ අතර,
පොලීසිය ඒවා සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදු කර තිබේ.
වෛද්‍යවරයා ඖෂධයක් එන්නත් කර ගත් බවට හෝඩුවාවක් ශරීරයේ පැල්ලමක් හෝ එන්නත් විදිනයක් එම ස්ථානයේ දක්නට තිබී නැත. ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානය කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි. වෛද්‍යවරයා මිය ගොස් දින කීපයක් ගත වූවද එම මළ සිරුර නරක් වූ බවක් දක්නට නැත්තේ ශරීරය තුළ ඖෂධ අධිමාත්‍රාවක් පැවතීම හේතුවෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂාව සඳහා තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා පැමිණි අතර, දේහය අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.
සිරුරේ බාහිර වශයෙන් කැපුම් කෙටුම් වැනි තුවාල දක්නට නොමැති බවද පොලිසිය කියයි. ඔහුගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (13) සිදුකිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
තොරතුරු -තිසර සමල්
0 Comments