thulhiriya-accident

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් එකම පවුලේ 40 හැවිරිදි පියා ,39 හැවිරිදි මව සහ 13 හැවිරිදි පුතා මියගොස් ඇත.

ගාල්ල ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට සහභාගි නැවත පැමිනෙමින් තිබූ ත්‍රිරෝද රථය වරකාපොල තුල්හිරිය ප්‍රදේශයේදී රියදුරාට නින්දයෑමත් සමග මාර්ගයේ දකුණුපසට ධාවනය වී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටිමෙන් අද(12) උදෑසන 5.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

ත්‍රිරෝදරථයේ ගමන්කල එකම පවුලේ පියා මව සහ පුත්‍රයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර
අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුනේ කොටවැල්ල, රඹුක්කන ලිපිනයේ පදිංචි එකම පවුලේ පියා(40) පින්නවල හේවයලෑ ගීත්ම තත්සර පින්නවල, මව(39) සිංහාසන වඩු ගම්ලත්ගේ දිනේෂා ශ්‍රීයානී ගම්ලත්ගේ, සහ පුතා(13) ධනුෂ්ක ගයාන් පින්නවල යන අයයි. CCTV below