tikiri-naveen

සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හිටපු ඇමැතිවරයෙකු වූ නවීන් දිසානායක පත්කිරීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දිවංගත ඇමැති ගාමිණී දිසානායකගේ පුතෙකු වන නවීන් දිසානායක යහපාලන ආණ්ඩුව සමයේදී වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ලෙසද කටයුතු කළේය.



සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව හෙට (10 වැනිදා) සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර ඇත.

2005 වසරේ සිට 2015 වසර දක්වා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය.

කමල්සුරවීර -මහනුවර