tylwin-silva-speaks

ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දැක්වීය.



"පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා දැනට තියෙන පළාත් පාලන පනත සංශෝධනය කිරීමට උත්සහයක් දරමින් ඉන්නවා. දැනට බල පවත්වන පළාත් පාලන පනතට අනුව පළාත් පාලන ආයතනයක ධූර කාලය අවුරුදු 4යි. ඇමතිවරයට බලය දීලා තියෙනවා මාස 12කින් පළාත් පාලන ආයතන කල් තියන්න. මේකේ අඩු ගානේ කාල සීමාවක් වත් නෑ. අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන තවත් යම් කාල සීමාවක්, දීර්ඝ කාලයක් වුනත් කරන්න පුළුවන් මේක සම්මත කර ගත්තොත් මේ ගොල්ලෝ. හරි පැහැදිලි රනිල් වික්‍රමසිංහ මේ තක්කඩි උත්සහය දරමින් ඉන්නේ.



දැන් ගැටළුවක් තියෙනවා මහින්ද රාජපක්ෂලගේ පක්ෂේ බිම් මට්ටමේ බලය තියන් ඉඳියේ පළාත් පාලන ආයතනයේ සභාපතිලා මන්ත්‍රීවරු හරහා. දැන් ඒක ඒගොල්ලන්ට නැති වෙලා. රනිල් වික්‍රමසිංහලට මහින්ද රාජපක්ෂලට ඕන වෙලා තියෙනවා ඡන්දයක් තියන්නේ නැතිව පරණ සභාපතිලට, ඇමතිලට අයේ පණ දෙන්න. රනිල් වික්‍රමසිංහ ජනතා පරමාධිපත්‍ය පවරන්න හදනවා තනි පුද්ගලයෙකුට, පළාත් පාලන ඇමතිට. මේක මේ ජන වරමට පටහැනී. මේක සම්මත කරගත්තොත් එහෙම පළාත් පාලන ආයතන වලට සීමාවක් නෑ. ඒ විතරක් නෙවෙයි විසිරිච්ච සභාව නැවත කැඳවන්නත් පුළුවන්. බරපතලම කාරණය ඒක."