uday-gammanpila

පිවිතුරු හෙළ උරුමයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

"මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ මම පළාත් ඇමතිවරයෙක්. ඒ කාලේ ජන මාධ්‍ය වලට එරෙහිව සිදුවීමේදී මම හිට ගත්තේ ජන මාධ්‍යත් එක්ක මිසක් ආණ්ඩුවත් එක්ක නෙමෙයි. තමන් ඉන්නේ මොන පැත්තෙද කියලා බලන්නෙ නැතුව තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක හිට ගත්තු දේශපාලකයොත් මේ රටේ ඉන්නවා.



පනත් කෙටුම්පතවත් මේ හා සමානව ඉදිරිපත් කරන 1997 පනත් කෙටුම් පතවත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න නිර්ණයවත් අධ්‍යනය නොකර, ආණ්ඩුවෙනම් ඒ ඕන එකක් ෂෝක්, විපක්ෂයෙනම් විරුද්ධයි. අපි දේශපාලනය කරන්නේ ඒවයේ තියෙන හොඳ නරක අධ්‍යනය කරාට පස්සේ කෙතරම් පරම සතුරෙක් ගෙනාවත් අපි හොඳදේට හොඳයි කියන්නත් කෙතරම් සමීප මිතුරෙක් ගෙනාවත් නරකදේට නරකයි කියන්නත් අපි පැකිලෙන්නෙ නෑ.

සාමාන්‍යයෙන් කියනවනේ රෑ වැටුනු වලේ දවල් වැටෙන්නෙ නෑ කියලා. දැන් මේ ඒකමනේ ආපහු කරන්න යන්නේ. ආණ්ඩුව නිතී සම්පාදනය කිරීම සම්බන්ධයෙන් බලවත් නොසැලකිලක් පෙන්වනවා. IMF ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම හරහා සැප්තැම්බර් මාසයේ වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් බරපතල අවධානමකට තල්ලු වෙලා තියෙනවා.



පනත් කෙටුම් පතක් හදලා ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මල්ටි බැරල් ප්‍රහාරයක් එල්ල කරලා කුඩු පට්ටම් කරලා දැම්මම ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් හානියක්. මෙහෙම මෝඩ ආණ්ඩුවක් මේ මිහිපිට නෑ කියලා තමයි අපි හිතන්නේ."