ugc-22-free

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල උද්ඝෝෂණයක් කර එහි දේපළවලට අනර්ථය කළ බවට චෝදනා ලැබු සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල ඛණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු එවකට විශ්වවිද්‍යාල සිසුන්ව සිටි 22 දෙදෙනකු කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසලදී වසර 13 කට පෙර උද්ඝෝෂණයක් කර තිබිණි. එහි දේපළවලට අනර්ථය කළ බවට චිත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ
පනත යටතේ චෝදනා නඟා තිබුණත් පැමිණිල්ල විසින් කිසිදු චෝදනාවක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් අධිකරණය විත්තිකරුවන් සියලු දෙනා සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.
2010 ඔක්තෝබර් 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම උද්ඝෝෂණයක් කර එහි දේපළ අනර්ථයක් කළ බවට නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ 2010 වසරේ කැඳවුම්කරු වශයෙන්
කටයුතු කළ උදුල් ප්‍රේමරත්න ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් විසි දෙදෙනකුට එරෙහිව නීතිපතිවරයා පොදු දේපොළ පනත යටතේ මෙම නඩුව පවරා තිබිණි.


මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නඩු ඉදිරිපිට විභාගයේදී පැමිණිල්ල විසින් ඉදිරිපත් වලට කර නැතැයි සඳහන් කළේය.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ඔප්පු කර නැතැයි තීන්දු කළ විනිසුරුවරයා සියලු විත්තිකරුවන් සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.

මනෝප්‍රිය ගුණසේකර