urapola-incident

ඌරාපොල ප්‍රදේශයේ පසුගිය පැවැති සංගීත ප්‍රසංගයකදී අධික ලෙස මත්පැන් පානය කර කලහකාරි ලෙස හැසිරුණු ස්වාමීන් වහන්සේ නමක අත්අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලීසිය කියයි. අත්අඩංගුවට පත් මෙම භික්ෂුවට භික්ෂු හැඳුනුම්පතක් නොමැති බව ද හෙළි වී ඇත. අධික ලෙස බීමත්ව සංගීත ප්‍රසංග භූමියේ කලහකාරි ලෙස හැසිරුණු මොහු සංගීත ප්‍රසංගය නරඹමින් සිටි සෙසු පුද්ගලයන් සමග ආරවුලක් ඇතිකරගෙන ඇත. ඒ අවස්ථාවේ අත්තනගල්ල පොලීසිය මැදිහත්ව පොලීසියට රැගෙන ගොස් තිබේ.

පසුව මොහු පොලිස් ස්ථානයෙන් පැන යාමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා අල්ලාගෙන ඇත.

එම අවස්ථාවේ මෙම හිමි නම නිලධාරීන් කිහිපදෙනෙකුටද පහරදී ඇතැයිද පොලීසිය පවසයි. පසුව මොහු පොලීසිය තුළදී ද කලහකාරි ලෙස හැසිරෙමින් පොලිස් ස්ථානයේ වීදුරුවකට පහරදී එය බිද දමා ඇත. එහිදී මොහුගේ දෑත් එම වීදුරුවට කැපී තුවාල වීම නිසා පොලිස් අත්අඩංගුව යටතේ වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ. තමන් සංගීත භූමියේ බවුන් වඩමින් සිටියදී අත්අඩංගුවට ගත් බව සැකකරු පොලීසියට පවසා ඇත. මොහුගේ අනන්‍යතාව පිළිබඳ තහවුරු කරගැනීමට අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්.වයි. නාලක මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුරටත් විමර්ශන පවත්වති.