western-province-school-uniform-change-for-dengue

ඩෙංගු රෝගයෙන් ආරක්ෂාව වීම සඳහා බස්නාහිර පළාත් පාසල් ළමුන් පාසල් නිල ඇඳුමට අමතරව ශරීරයට ගැලපෙන ළා පැහැති ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලීමක් කරයි.
මෙහිදී පාසල් එන පිරිමි සිසුන්ගේ කොට කලිසම අඳින්නට යෝජනා කරන්නේ තරමක් දිග පාද ආවරණය වන ඇඳුමක් උඩිනි.
සිසුවියන්ට ගවුම අඳින්න යෝජනා කරන්නේ පාද ආවරණය වන ඇඳුමක් උඩිනි.

වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසා සිටියේ, පාසල් ළමුන්ගේ ඩෙංගු වැලඳිමේ ප්‍රවණතාවයක් පසුගිය කාලයේ ඉහළ යෑම හේතුවෙන් එම තීරණය ගත් බවය.



"බස්නාහිර පළාතේ පාසල් ළමුන් පාසලට පැමිණෙන විට තමන්ගේ නිල ඇඳුමට අමතරව ශරීරය වැසෙන ආකාරයේ ළා පැහැති ඇඳුමකින් සැරසිලා, උෂ්ණත්වයට ගැලපෙන ඇඳුමකින් එන්න කියන යෝජනාව අපි අදාළ අංශ වෙත යොමු කරලා තියෙනවා. ආණ්ඩුකාරතුමාගේ අනුමැතියත්, ප්‍රධාන ලේකම්තුමාගේ අනුමැතියත්, අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතියත් එයට හිමිවෙලා තිබෙන බව අපට දැනගන්න ලැබුණා. ඒක හොඳ කාර්යයක් විදියට අපි දකිනවා. ඒක මේ අවධානම් තත්ත්වය පහව යන තුරු සිදුකරන්න."
ඔහු පැවසීය.