woman-police-incident

විවාහ කරගන්නා බවට බොරු පොරොන්දු දී පොලිස් කොස්තාපල්වරියකගේ රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබාගෙන පසුව ඇය මගහැර සිටි බව කියන කොස්තාපල්වරයකු අධිකරණයට ඉදිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.



මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ පදවිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි. පොලිස් කොස්තාපල්වරිය විසින් එම පැමිණිල්ල කර ඇත්තේ 2019 වසරේදී වන අතර

ඇය ඒ වන විට රාජකාරී කොට ඇත්තේ නැදුන්කර්නි පොලිසි ස්ථානයට අනුයුක්තවය.

විවාහකයකු වූ එම පොලිස් නිලධාරියා මුදල් ලබා ගැනීමෙන් පසු පොලිස් කොස්තාපල්වරිය මගහැර ගොස් ඇතැයි පැවසේ. අනතුරුව අදාළ පොලිස් කොස්තාපල්වරිය විසින් මේ පිළිබඳ වව්නියාව විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබේ. පෙරේදා (7 වැනිදා) ඔහු ඊට අදාළව ප්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැර ඇත.

දීපා වසන්ති එදිරිසිංහ