youtube-gun-video

යූටියුබ්හි ගිනි අවි නිපදවන වීඩියෝ නරඹා ගිනි අවි නිදපවූ පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි දෙකක් සහ ඒවා නිපදවීමට යොදා ගත් උපකරණ සමග ඊයේ (19) කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී ටී – 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, අඩි පහක් පමණ දිග ගිනිඅවියක්, 7.62 x39 උණ්ඩයක්, ගිනි අවි නිපදවීමට යොදා ගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ග්‍රිල් එකක් සොයාගත් බව පොලිසිය පැවසීය.



පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් මෙම ගිනි අවි භාවිත කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බදුරලිය, සීලදොළ ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු බව ත් ඔවුන් නෑකමට මාමා සහ බෑනා වන බව ත් පොලිසිය පැවසීය.

ප්‍රධාන සැකකරු අරගල සමයේ බදුරලිය ප්‍රදේශයේ රුපියල් කෝටි 14ක් පමණ වටිනාකමකින් යුත් වාහන සහ යතුරුපැදි වෙළෙඳසලක් ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රධාන සැකකරු බව ද උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේ ය.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.