සතියකට වැඩි කාලයකට පෙර අතුරුදන් වූ අප්‍රිකානු සංක්‍රමණිකයන් 200ක් පමණ රැගත් බෝට්ටුවක් සොයා ස්පාඤ්ඤ ගලවාගැනීම්කරුවන් කැනරි දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදේ සෝදිසි කරති.
Walking Borders (වෝකින් බෝඩර්) ආධාර කණ්ඩායම පවසන්නේ ධීවර බෝට්ටුව ටෙනරීෆ් සිට දළ වශයෙන් 1,700km (1,057 සැතපුම්) දුරින් පිහිටි දකුණු සෙනගල්හි වෙරළබඩ නගරයක් වන Kafountine (කේෆවුන්ටයින්) සිට යාත්‍රා කළ බවයි.
බොහෝ ළමයින් නෞකාවේ සිටින බව කණ්ඩායම පවසන බව ස්පාඤ්ඤයේ Efe (එෆ්) පුවත් ඒජන්සිය වාර්තා කරයි.
තවත් පුද්ගලයන් සිය ගණනක් රැගත් බෝට්ටු දෙකක් ද අතුරුදන්ව ඇති බව පැවසේ.
පුද්ගලයන් 200ක් පමණ රැගත් බෝට්ටුව ජූනි 27 වන දින Kafountine (කේෆවුන්ටයින්) වලින් කැනරි දූපත් දෙසට ගමන් කළේය.
ස්පාඤ්ඤයේ සමුද්‍ර ගලවා ගැනීමේ සේවය එෆේට පැවසුවේ, ගුවන් යානයක්ද සෙවීම් කටයුතු සදහා එක් වූ බවයි.
අනෙක් බෝට්ටු දෙක ගැන විස්තර ටිකක් ඇති අතර රොයිටර් පුවත් ඒජන්සිය උපුටා දක්වමින් වෝකින් බෝඩර්ස් හි හෙලේනා මැලේනෝ පැවසුවේ එක් බෝට්ටුවක පුද්ගලයින් 65 ක් පමණ සිටින බවත් අනෙක් බෝට්ටුවෙහි 60 ක් පමණ වන බවත්, මෙලෙස බෝට්ටු තුන හරහා අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 300 ඉක්මවන බවත්ය.
මෙම ප්‍රවෘත්තිය පැමිණෙන්නේ අධික ලෙස පිරී ගිය ට්‍රෝලර් යාත්‍රාවක් ග්‍රීක වෙරළට ඔබ්බෙන් ගිලී ගොස් , යුරෝපීය දරුණුතම මධ්‍යධරණී සංක්‍රමණික නැව් සුන්බුන් දැක සති කිහිපයකට පසුවය.අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු දියේ ගිලී මිය ගිය බව තහවුරු වූ නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේ 500 ක් පමණ තවමත් අතුරුදහන් වී ඇති බවයි.
බටහිර අප්‍රිකාවේ සිට කැනරි දූපත් දක්වා ගමන් කිරීමේ මාර්ගය සංක්‍රමණිකයන් සඳහා ඇති වඩාත් භයානක මාර්ග අතර වේ, එපමණක්ද නොව ඔවුන් සාමාන්‍යයෙන් යාත්‍රා කරන්නේ බලවත් අත්ලාන්තික් දියවැල මගින් පහසුවෙන් විසි කළ හැකි සරලව හාරන ලද ධීවර බෝට්ටු වලිනි.
පසුගිය වසරේ ස්පාඤ්ඤ දූපත් වෙත ළඟා වීමට උත්සාහ කිරීමේදී අවම වශයෙන් පුද්ගලයින් 559 දෙනෙකු මුහුදේදී මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) පවසයි. 2021 මරණ සංඛ්‍යාව 1,126 කි.
IOM උපුටා දක්වමින් ස්පාඤ්ඤයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ 2022 දී පුද්ගලයින් 15,682 ක් අක්‍රමවත් ලෙස කැනරි දූපත් වෙත පැමිණි බවත්, එය 2021 ට සාපේක්ෂව 30% ක අඩුවීමක් පෙන්වන බවත්ය.
"වසරෙන් වසර අඩු වුවද, පෙර වසරවලට සාපේක්ෂව 2020 සිට මෙම භයානක මාර්ගය ඔස්සේ ගමන් කිරීම ඉහළ මට්ටමක පවතී," යැයි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) පවසයි.
(බීබීසී ඇසුරිනි)
0 Comments