මවගේ අ අපයෝජනයන් ඉවසාගත නොහැකිව 25 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදහන් වී වසර අටකට පසු ජීවතුන් අතර සිටියදී සොයාගෙන තිබෙන බව ඇමරිකාවේ ටෙක්සාස් නුවරින් වාර්තාවේ.

රූඩි ෆාරියාස් නම් මෙම අතුරුදහන් වූ පුද්ගලයාව ඔහුගේ මව විසින් වසර අටක්  තිස්සේ ලිංගික අපයෝජනයට ලක්කර නිවසේ හිරකර තබා තිබෙනවා. රූඩි ෆාරියාස් 2015 දී එනම් ඔහුට වයස අවුරුදු 17 දී ඔහුගේ බල්ලන් දෙදෙනා ඇවිද්දවමින් සිටින අතර අතුරුදහන් වූ බවට එවකට ප්‍රවෘත්ති පළව තිබුණි.නමුත් කිසි විටෙකත් ඔහු අතුරුදහන් නොවූ බවත්,

ඒ වෙනුවට ඇත්ත වශයෙන්ම ඔහුගේ මව සමඟ නිවසේ කොටු වූ බවත්, එහිදී ඔහුව විකෘති අපයෝජනයට ලක්කල බව අනාවරණය විය.

ෆාරියාස් පැවසුවේ ඔහුගේ මව වන ජැනී සන්තානා දශකයකට ආසන්න කාලයක් ඔහුට බොරු කියමින් සහ අපයෝජනය කරමින් ඔහුව සමාජයෙන් වසන් කළ බවයි.

2015 දී ෆාරියාස් නිවසින් පලා ගොස් දින දෙකකට පසු ආපසු පැමිණි බවත්, එහිදී ඔහුගේ මව මේ කිසිවක් පොලීසියට පවසන්න එපා යැයි කියමින් ඔහුට තර්ජනය කර තිබූ බවත් වාර්තා විය.

"එහිදී ඔහුව ඇය සමඟ වැඩට ගෙන යන අතර ඇය කළ යුතු වැඩ ඔහු කරයි. නමුත් ඔහුට වඩාත්ම කරදර වූයේ ඇය ඔහුගේ පෞද්ගලික සීමාවන් ඉක්මවා යාමයි. ඔහු පැවසුවේ ඇය ඔහුව ඇය සමඟ ඇඳක නිදාගන්නා බවයි. ඇය ඔහුට සැමියා ලෙස ඉන්නට සැලැස්සුවා යැයි කීවේය."



"ඔහු ඇය සමඟ ඇඳට යාමට අකමැති වූ අතර, ඔහු ඇඳෙන් රිංගා සමහර විට ඇඳ යට සැඟවීමට උත්සාහ කරයි, නමුත් ඇය ඔහුට පැවසුවේ ඔහු ඇගේ සැමියා විය යුතු බවයි,"

ෆාරියාස් මහතාට වසර අටක් නිවසින් පිටව යාමට අවසර නොලැබුණු අතර විකෘති අපයෝජනයන්ට අමතරව මව ඔහුට මත්ද්‍රව්‍යද ලබාදී තිබේ.

ෆාරියාස් මුලින් ගෙදරින් පැන යාම නිසා ඔහු කරදරයක වැටීසිටින බවත්, පැන යාම සම්බන්ධයෙන් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට සොයමින් සිටින බව ඇය ඔහුට ඒත්තු ගන්වා බියවද්වා නිවසේම රඳවාගෙන තිබුණා."

වසර අටකට පසු සමාජ ක්‍රියාකාරීන් එකතු වී ෆාරියාස්ව සොයාගත් අතර මේ සියල්ලටම මව වැරදිකාරිය වී තිබියදිත් මේ තරුණයා තම මව සිරගත කරනවාට කැමති වූයේ නැත.