Sudha-Murty-Why-her-comment-over-spoons-divided-Indians

ඉන්දියාවේ ජනප්‍රිය ලේඛිකාවක්, දානපතියෙක් සහ අධ්‍යාපනඥවරියක් වන බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක්ගේ නැන්දම්මා වන සුධා මූර්ති විසින් ඇයගේ ආහාර පුරුදු පිළිබඳව කළ ප්‍රකාශයක් නිර්මාංශත්වය පිළිබඳ දැක්වූ අදහස් නිසා සමාජ මාධ්‍ය කැළඹී තිබේ.

මූර්ති මහත්මිය සහ ඇගේ සැමියා - ඉන්දියානු මෘදුකාංග ප්‍රකෝටිපතියෙකු වන එන්ආර් නාරායන මූර්ති - ඔවුන්ගේ බෑණා වන රිෂි සුනක් බ්‍රිතාන්‍යයේ අගමැති වූ දා සිට මූර්ති පවුලට වැඩි අවධානයක් යොමු විය.

 දිවා ආහාරය සහ රාත්‍රී ආහාරයට කුමක් සුදුසුද යන්න "Khaane Mein Kya Hai" නම් වූ ජනප්‍රිය ආහාර සංදර්ශනයකදී කරන ලද ප්‍රකාශයකට අනුව දින තුනක් තිස්සේ ඇගේ ප්‍රකාශය ට්විටර් හි ජනප්‍රිය වී ඇත.



බිත්තර පවා නොකන "පිරිසිදු නිර්මාංශිකයෙකු" ලෙස තමන්ව විස්තර කළ මූර්ති මහත්මිය, ඇය විදේශ සංචාරවලදී බොහෝ විට තමාගේම ආහාර රැගෙන ගිය බවත්, ඊට හේතුව"තමාගේ ලොකුම බිය නිර්මාංශ සහ නිර්මාංශ නොවන ආහාර වලට එකම හැන්දක් භාවිතා කිරීම යනුවෙන් පවසා ඇත.

"ඉතින් මම සංචාරය කරන විට, මම පිරිසිදු නිර්මාංශ අවන්හලක් සොයමි. මම මුළු ආහාර මල්ලක්ම රැගෙන යමි. දශක ගණනාවකට පෙර මගේ ආච්චිලා සීයලා ගමන් යන විට ඔවුන්ගේම කෑම මල්ලක් රැගෙන යන විට මම ඔවුන්ව විහිළුවට ලක් කළෙමි. එසේම මම ඔවුන්ගෙන් ඇසුවේ ඇයි ඔබට බැරි එතන තියෙන කෑම කන්න කියායි..නමුත් දැන් මම හැසිරෙන්නේ ඔවුන් වගේමයි” ඇය වැඩිදුරටත් පැවසුවාය.

ඇයගේ ප්‍රකාශයේ වීඩියෝව සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වී ඇති අතර, සංවාදයක් ගෙඩනගා ඇත.

ඇය "පිරිසිදු නිර්මාංශික" ලෙස හැඳින්වීම තුළම ඇය කුල ක්‍රමය විසින් නියම කරන ලද පවිත්‍රත්වය පිළිබඳ සංකල්පවල මුල් බැස ඇති බව පෙන්වන බව බොහෝ දෙනා  ප්‍රකාශ කරති. ඉතිහාසඥයන් පවසන්නේ ඉන්දියාවේ සමහර ප්‍රදේශවල බ්‍රාහ්මණයන් සම්ප්‍රදායිකව මස් අනුභව කළ බවත් ,බොහෝ දෙනෙක් තවමත් මස් අනුභව කරන බවත් නිර්මාංශිකයෙකු වීම කෙසේ හෝ පිරිසිදුකම සමඟ සම්බන්ධ වී ඇති බවත් ය.



"ඉන්දියාවේ ක්‍රියාත්මක වන නිර්මාංශත්වය කුල අනුපිළිවෙලට ඇතුළත් වේ.එය පුද්ගලික තේරීමක් ලෙස ගතහොත් එය සාධරණීකරණය කිරීමට හැක්කේ එය  පුරුද්දක් ලෙස පමණි" සමාජ විද්‍යාඥ ජානකී ශ්‍රීනිවාසන්  ට්වීටර් පණිවිඩයක් මගින් කියා තිබුණි.
මේ සම්බන්ධව නොයෙක් දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් බෙදා ගත් අතර,
සමහරු සුනක් මහතා පිසූ මස් පිඟාන රැගෙන යන අයගේ ඡායාරූප සමඟ මූර්ති මහත්මියගේ ඡායාරූප බෙදා ගත්හ.
මේ සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රකාශයක් සිදු කළ බජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි අරුන් බෝත්‍රා ට්වීටර් ගිණුමෙහි සිය අදහස සටහන් කලේය.

"මම සතුටින් නිර්මාංශිකයෙකු අසල ආහාර ගන්නෙමි. නමුත් නිර්මාංශ සහ නිර්මාංශ නොවන ආහාර සඳහා එකම හැඳි භාවිතා කළහොත් මම අතිශයින් අපහසුතාවයට පත් වනු ඇත. මම ආහාර වේල මඟහරිමි. ඔබට මෙය නොතේරෙන්නේ නම්, එය ඔබේ ගැටලුවකි.“
මස් අනුභව කරන බොහෝ ඉන්දියානුවන් යම් ආකාරයක ආහාර නීති සහ සම්ප්‍රදායන් අනුගමනය කරන බවට පර්යේෂණ ද ඇතැම්හු පෙන්වා දුන්හ. නිදසුනක් වශයෙන්, බොහෝ මස් කන හින්දු භක්තිකයන් හරක් මස් ප්‍රතික්ෂේප කරන අතර මුස්ලිම්වරුන් ඌරු මස් ප්‍රතික්සේප කරති.