akuressa-3-deaths

තද සුළං තත්ත්වය හේතුවෙන් අකුරැස්ස අමලගොඩ ප්‍රදේශයේදී ගසක් කඩා වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙයි.
අද(22) උදෑසන හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ගරාජයක් අසල තිබූ දිරාගිය ගසක් කඩා වැටී එම ගරාජයට පැමිණ සිටි පුද්ගලයන් පස් දෙනෙකු ගසට යටවී තිබෙන අතර එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් අනෙක් පුද්ගලයන් 04 දෙනා බරපතල තුවාල ලබා අකුරැස්ස රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමේදී තවත් දෙන්නෙකු මියගිය බව වාර්තා විය.


එම අවස්ථාවේ ඒ තුල සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක්ද තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
වාහන අලුත්වැඩියා කටයුතුවලට පැමිණි පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය පුද්ගලයන් තිදෙනා වයස අවුරුදු 28 මැලැව්ව පදිංචි කරුවෙකු , වයස 65 අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු හා වයස 49 නූපේ පදිංචි කරුවෙකි. එක් අයෙකු ගරාජ සේවකයෙකි.