all-ceylon-doctors

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූයේ 2023 ජුලි 05 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේදී 32 දෙදරු මවක් ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව ලබාදී ඇති නිර්වින්දන ඖෂධ හේතුවෙන් මරණයට පත්වී ඇති බවය.
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවේ “ ප්‍රතිකාර කිරීමේදී රෝගීන්ට නිර්වින්දන ඖෂධ ලබාදී මරණය පත්වුන සිදුවීම් මාලාවක් කාලයක සිට ලංකාවෙ තිබෙන රෝහල් පද්ධතිය තුළින් වර්තා වී ඇති බවය.

රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා භාවිතා කරන්නෙ තත්වයෙන් අඩු හෝ කල්ඉකුත් වී ඇති ඖෂධද කියා මේ හේතුවෙන් ඔවුන් සැක කරන අතර මේ පිළිබදව බලධාරීන් වහා මැදිහත් වී ඉක්මණින්ම පරීක්ෂණයක් පවත්වා විසදුමක් ලබාදිය යුතු බව  සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුයේය.

තවදුරටත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් දැක්වුයේ බාල ඖෂධ හෝ කල් ඉකුත් වී ඇති ඖෂධ භාවිතා කර තිබෙනවා නම් එම ඖෂධ ගෙන්වූ සහ භාවිතා කල අයට විරුද්ධව නඩු පවරා දඩුවම් දිය යුතු බවය.


දිගින් දිගටම ඖෂධ නිසා රෝගීන් මරණයට පත්වන්නේ නම් මහජනතාව සමස්ත රෝහල් පද්ධතිය පිළිබදවම බියක් ඇතිකරගෙන රෝහල්වලට ප්‍රතිකාර ගන්න නොයාමට වුනත් පුලුවන් තත්වයක් මේ නිසා උදාවීමට හැකි ” යැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැසුවේය.