angoda-death

අංගොඩ මානසික රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි පෞද්ගලික සමාගමක හිටපු කළමණාකරුවෙකු පහරකෑමකට ලක්ව මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් පැමිණිල්ලක් සිදු කර තිබේ.
මෙම මරණය සැක බවට ඥාතීන් පොලිසියට සැලකර තිබෙන අතර මොහු නිවසේ සිට ප්‍රතිකාර ගන්නට පසුගිය 25 වනදා රෝගය උත්සන්නවී රෝහලට ඇතුළත් කළ පසු අනපේක්සිත ලෙස මියගොස් ඇති බවත් පැමිණිලි කර තිබේ. බිරිඳ මියයාම නිසා 11 හැවිරිදි දරුවා සමග තනිවීමෙන් ඇති වු මානසික ව්‍යාකූල තත්ත්වයක් හේතුවෙන් මීට සතියකට් පෙර ප්‍රතිකාර සඳහා මෙම රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි ඔහු පසුගිය 25 වනදා අලුයම  නාන කාමරය තුළ ලිස්සා හිස වැටීමෙන් මරණය සිදුව ඇති බව රෝහල දන්වා ඇති නමුත් එය එසේ වූයේ කෙසේද යන්න මුල සිට සැකයක් පැනනැගී ඇත.



දේහය මුද්‍රාතබා නිවසට එවා තිබීම හේතුවෙන් ඥාතීන්ට ඇති වූ සැකය මත ඥාතීන් පොලිසියට දන්වා තිබෙන අතර ඊයේ එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි චන්න පෙරේරා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තහවුරු වී ඇත්තේ මොට ආයුධවලින් පහරදී සිදුවූ බහුවිධ සංකූලතා නිසා මෙම මරණය සිදුව ඇති බවයි.

මෙම රෝගියා රෝහල් වාට්ටුවේ සිටි පිරිසට වතුර ගසමින් සහ පහර දෙමින් ඉකුත් 25 වැනිද නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් සිටියදී රෝහල් සේවකයන් ඇතුළු පිරිස ඔහු පාලනය කිරිමට උත්සාහ ගෙන ඇති බවත් එම අවස්ථාවේදි ඔහු බිම ඇද වැටීම නිසා ඇතිවූ තුවාල සමග මරණය සිදුව ඇතැයි පොලිසියට සාක්ෂි ලැබී ඇත.


මෙලෙස මියගොස් ඇත්තේ වටරැක - සමනළතැන්න ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි එක්දරු පියෙකි.ඔහු පෞද්ගලික ආයතනයක කළමනකරුවකු වශයෙන් කටයුතු කර ඇති අතර පසුව සේවයෙන් ඉවත්ව ඇති අයෙකි.
 මුල්ලේරියාව පොලිසිය මේ ගැන විමර්ශනයක් ආරම්භ කර තිබෙයි.