angoda-hospital-murder

ලිස්සා වැටීමකින් මියගියේ යැයි අංගොඩ මානසික රෝහලින් කියූ රෝගියෙකු සත්‍ය ලෙසම රෝහල තුළදී ඝාතනය වී ඇති සිදුවීමක් වාර්තාවී තිබෙයි‍.
අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පසුගිය 20 වනදා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි පාදුක්ක, වටරැක ප්‍රදේශයේ  45 හැවිරිදි ඔස්වී නානායක්කාර නමැති පුද්ගලික ආයතනය කළමනාකාර ධූරයක් දරමින් සිටි පුද්ගලයා රෝහලේදී රෝගය උත්සන්නව කලබල කළ අවස්ථාවේ

ඔහුට කොසු මිටකින් පහරදී අඩපණ කරන්නට රෝහල් සේවකයින් දෙන්නෙකු කටයුතු කර තිබූ අතර මෙම අවස්ථාවේ ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් රෝගියා මියගොස් තිබේ.
කෙසේ වෙතත් රෝහල වගකීම් විරහිත ලෙස කටයුතු කරමින් මෙම මරණය රෝගියා නාන කාමරයේදී ලිස්සීම නිසා ඇතිවූ තුවාල අනුව සිදූවූ වක් බවට රෝගියාගේ පවුලේ අයට දන්වා වසා දමන ලද පෙට්ටියකින් මළ සිරුර භාරදී තිබුණි.


මරණය සම්බන්ධයෙන් කළ මරණ පරීක්ෂණයේදී මෙය ඝාතනයක් බව අනාවරණය වී තිබූ අතර  සිරුරේ තිබුණු සැක සහිත සලකුණු හා ලේ පැල්ලම් වැඩිදුර විමර්ශනයේදී මරණය සිදුව ඇත්තේ පහරදීම් සහ ලේ ගැලීම් හේතුවෙන් බවත් පපුව ඉදිරි පස ද විශාල කැපුම් පාරක් හා පහරදීම් හේතුවෙන් තැළීම් සලකුණු 35ක් තිබෙන බව ත් අනාවරණය විය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලද පොලිසියට ලැබුණු සී.සී.ටි.වී. දර්ශනවලට අනුව පුද්ගලයන් කිහිප දෙනෙකු කොසු වලින් පහර දෙන දර්ශන හමුවී තිබේ.

මරණය සැක සහිත බවත් සිය ඥාති පුත්‍රයා එම රෝහලේ සුළු සේවකයන් පිරිසක් කරන ලද පහර දීමකින් මියගිය බවත් මියගිය අයගේ ඥාතීන් පැමිණිලි කර තිබුණි.
පාදුක්ක, වටරැක, සමනල තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පුද්ගලයා බිරිය මියයාමෙන් පසු පුතු සමග තනිවූ පරිසරය තුළ මානසික පීඩනයකට ලක්ව වසර කිහිපයක සිට මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගන්නා බව ත් පසුගිය 20 වන දා රෝහල්ගත කළ ඔහු 25 වන දා මියගිය බවට රෝහල තමන්ට දැනුම් දුන් බව ත් ඥාතීහු පැවසූහ.


 මිය යාම සම්බන්ධයෙන් එම රෝහලේ සේවකයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මියගිය පුද්ගලයාට පහර දීමට යොදා ගත් බවට සැක කරන  දෙකට වෙන් වූ කොසු මිටක්  ද පොලිස් බාරයට ගෙන තිබෙයි. රෝගියා 25 වනදා නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව පාලනය කිරීමට අනානුසික පහරදීමකට මොවුන් කටයුතු කර තිබේ.
මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය කාර්ය සහයකයින් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. ෙ
මේ අතර රෝගියෙකුගේ මරණය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ක්‍රියාත්මක බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.