anguruwatota-incident-updates
ඉකුත් 18 වැනි දා පස්වරුවේ අතුරුදහන් වී දින 4 කට පසු මළ සිරුරු හමුවූ අඟුරුවාතොට දී ඝාතනයට ලක් වූ මව සහ දියණියගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේදි සුසාන භූමියේ සිටි දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ.

මෙම ඝාතනය සිදුකර තිබුනේ  මියගිය රූමත් කාන්තාවගේ සැමියාගේ නැගණිය විවාහවී සිටි

නැතහොත් මියගිය අයට නෑකමින් මස්සිනා වන හමුදාවේ සේවය කළ පුද්ගලයෙකු අතින් බවට මූලික පරීක්ෂණ වලදී සැක ඇතිව තිබෙන අතර

එම තැනැත්තා දැන් අත්අඩංගුවේ පසුවේ.

දූෂණයක් සිදු කිරීමෙන් පසු ඔවුන් මරන්නට ඇති බවට සැකකාර පුද්ගලයාගෙ කල්ක්‍රියාව අනුව පොලිසිය අනුමාන කරන අතර මවගේ සහ ඇයගේ 11 මාස දියණියගේ මළ සිරුරු පසුව රත්මල්ගොඩ ප්‍රදේශයේ කැලෑවකට විසිකර තිබියදී සොයාගනු ලැබූවේ කම්පනයක් ඇති කරමිනි.

ඝාතනය ලක් වූ මවගේ සහ දියණියගේ සිරුරු ඊයේ (22) ඇය පදිංචිව සිටි නිවෙසට රැගෙන ආ අතර ඇගේ සිරුරු තැන්පත් කර තිබූ පෙට්ටියටද සිල් තබා තිබුණි.

දේහයන් භූමදානය කරන අවස්ථාවට සැකකාර මස්සිනාගේ බිරියද එක්ව සිටි බව කියැවුණි. මියගිය කාන්තාවගේ සහ සැමියාගේ පාර්ශවයේ දෙපිරිසක් අතර මෙම අවස්ථාවේ ගැටුමක් හටගෙන තිබේ. අඟුරුවාතොට පොලිසියට ගැටුම සමනය කරන්නට අපහසුවූ අතර අමතර කණ්ඩායම් කැඳවා සිද්ධිය සමථයකට පත්කිරීමට කටයුතු කර තිබෙයි.