anguruwatota-incident-updates

ඊයේ (21) උදෑසන තරුණ මවකගේ සහ සිඟිති දැරියකගේ මළ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැළෑවේ තිබී හමුවිය. ඒ වනවිට  මේ මව සහ දියණිය අතුරුදහන් වී දින තුනක් ගත වී තිබුණි.  සිඟිති දියණියේ සිරුර කොට්ටා උරයක ඔබා තිබිණි. ඊට නුදුරින් තරුණ මවගේ සිරුර හමු විය.  මළ සිරුරු දෙකම කබරයින් විසින් කා දමා තිබිණි.
මේ 24 හැවිරිදි තරුණ මව සහ මාස 11 කිරිකැටි දියණිය ජීවත් වූයේ අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේය. වාසනා කුමාරී තරුණ මව හා සිඟිත්තිය ටස්මී දිලන්‍යා අතුරුදහන් වී තිබුණේ පසුගිය 18 වැනිදා ය. සැමියා වැඩ ඇරී නිවසට එන විට බිරියත් සිඟිති දියණියත් ගෙදර සිටියේ නැති අතර සොයා බැලූවද කිසිම තොරතුරක් නැතියෙන් ඔහු අඟුරුවාතොට පොලිසියට ගොස් පැමිණිල්ලක් සටහන් කර මේ ගැන කීවේය. මේ ගැන සැක කවුදැයි ඇසූ විය අවසන්වරට තම නිවසට පැමිණ තමන්ගේ නැගණියගේ සැමියා එනම් මස්සිනා ගැන සැකයක් අතැයි කීය. ඔහු හමුදාව හැර ගිය සෙබළෙකු මෙන්ම ප්‍රදේශයේ කාන්තාවන් කීප දෙනෙකුට අයුතු බලපෑම් කර ඇති බවට වාර්තාවී තිබුණ අයෙකි.



විමර්ශන ඇරඹූ පොලීසියට, ඔවුන්ගේ නිවසේ ශීතකරණයේ දොරෙහි සහ නිවසේ බිම තිබූ, මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් නිරීක්ෂණය කරග්නනට හැකි විය. නිල සුනඛ අබෘෘනෝ සැක සහිත පුද්ගලයාට අයත් ත්‍රි රෝද රථය අසල ඉව කළේය. ඒ අනුව සැකකරු පොලිස් භාරයට ගත් නමුත් ප්‍රකාශ සටහන් කරගෙන සැකකරු මුදා හැරිය බව පොලිසිය පැවසුවේය.
මුදා හැරි බව කී සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පසුව ආරංචි විය.
ඒ වනවිට මළ සිරුරු හමුවී නොතිබිණි.
පලා යන්නට පෙර සැකකරු සිය නිවසට ගොස් මවත් බිරියත් හමුවී මුදල් ද ඉල්ලාගෙන හිස හැරුණු අතේ යන බව පවසමින් පිටත්ව ගොස් තිබිණි.
 විමර්ශන කණ්ඩායම් සැක කළේ නිවස ආසන්නයේ අතුරුදහන් වූ අයගේ මළ සිරුරු තිබිය හැකි බවටය. ඒ සැකය මත කළ විමර්ශනවල දී අගුරුවාතොට ඌරුතුඩාව රත්මල්ගොඩ  කැලෑවක තිබී බිළිදියගේ මළසිරුර සොයාගෙන තිබිණි. එය හමුවූයේ කොට්ටඋරයක ඔබා තිබිය දී ය.
තවදුරටත් සොයා බලද්දී  එයට මීටර් 25 ක් පමණ දුරකින් පිහිටි බටදොඹ ගසක් අසල තිබී වාසනාගේ සිරුර  පොලිසිය විසින් සොයා ගත්තේය.මිනිස්සු රත්මල්ගහ කැලෑව  අවට රැස් කන්නට වූහ. අපරාධ ස්ථානය රැක ගැනීමට පොලිසිය  සෑහෙන වෙහෙසක් දරනු පෙනුණි.
ඝාතනයට ලක්වූ කාන්තාව පරිහරණය කළ තුවායද මළ සිරුර අසල තිබී පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.


මවගේ උදරය සහ රහස් ප්‍රදේශය කබරු විසින් කා දමා තිබූ බවත් බිලිඳියගේ සිරුර ඊට මීටර් පහළොවක් පමණ ඈතින් වූ කටු පොල් ගසක් ආසන්නයේ දමා තිබූ බවත් පොලිසිය කියයි.
මවගේ මළ සිරුර අසලම තිබූ බිලිඳියගේ මළ සිරුර කබරුන් විසින් ඇඳගෙන යන්නට ඇතැයි සැක කරන පොලිසිය ඇයගේ හිස කොටස කබරු කා දමා ඇතැයි පවසයි.
රූමත් තරුණ මවගේ සහ බිලිඳියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකයට භාජන වී සිටින ප්‍රදේශයෙන් පලාගිය හිටපු හමුදා සෙබළා මෙම තරුණ මවට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ දැරීමේදී ඇය ඊට විරෝධය පෑම හේතුවෙන් ඇති වූ කිසියම් සිද්ධියක දී ඇය සිහි විසඥ වූ වීමෙන් හෝ මිය යාමෙන් අනතුරුව හිටපු හමුදා සෙබළා එම කාන්තාව ඇය පරිහරණය කරන තුවායේ ඔතා බිලිඳිය සමග ඔහුගේ ත්‍රිරෝද රථයෙන් කැලෑවට රැගෙන විත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම සිද්ධියත් සමගම සැකපිට පොලිස් භාරයට ගෙන මුදාහැර සිටි මියගිය තරුණියගේ මස්සිනා වන හිටපු හමුදා සෙබළා ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
අතුරුදන් වූ කාන්තාවගේ සැමියා ඉකුත් (18 වැනිදා) රාත්‍රියේ අඟුරුවාතොට පොලිසියට පැමිණ කිව්වේ මස්සිනා ද සවස් වරුවේ නිවසට පැමිණ ඇති බවත් ඔහු සම්බන්ධයෙන් සැකයක් පවතින බවත් ය.
එදින මස්සිනා තමන්ට දුරකතන ඇමතුමක් ද ලබාදී වැඩක් බාර ගෙන තියෙනවා එන්නෙ කීයට දැයි අසා ඇති බවත් රෑ බෝ වන බවට පැවසීමෙන් අනතුරුව ඔහු දුරකතනය විසන්ධි කළ බවත් පැමිණිලිකාර සැමියා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.
මස්සිනා තමා නිවසේ නොමැති අවස්ථාවලදී පැමිණ සිටීම කරදරයක් බව බිරිය මීට දින කිහිපයකට ඉහත අවස්ථා දෙකකදී තමන්ට පවසා ඇති බව සැමියා පොලිස් නිලධාරීන් කළ ප්‍රශ්න කිරිම හමුවේ පවසා ඇත.



පැමිණිල්ලත් සමඟ නිවසට ගිය පොලිස් නිලධාරින් සිදුකළ මූලික විමර්ශනවල දී නිවසේ මුළුතැන්ගෙයි කොටසේ ශීතකරණයේ දොරේ ලේ පැල්ලම් කිහිපයක් සහ ඒ අසල බිම මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් දක්නට ලැබී ඇති අතර කිසියම් අපරාධයක් වී ඇති බවට සැකකර පොලිසිය විමර්ශන සිදු කළේය. බිළිඳියගේ මරණය සම්බන්ධයෙන් සැකකළ සැමියාගේ මස්සිනා හොරණ - වරකාගොඩ ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදි අද හසුවිය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ පොරබැදීමකින් ඔහු තුවාල ලබා මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. අද උදෑසන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදි සැකකරු පොලිස් නිලධාරියෙකුට කතුරකින් පහරදීමට උත්සාහ කර පසුව ඔහු විසින්ම එම කතුරෙන් තමාට තුවාල සිදුකරගෙන ඇති බව පොලිසිය පැවසීය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නටත් සිද්ධිය පිලිබඳ වැඩිදුර තොරතුරු විමර්ශනයටත් පොලිසිය කටයුතු කරමින් සිටී.