ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයන් ආමන්ත්‍රණය කිරීම සඳහා ඔවුන්ගේ ආරාධනාවක් අනුව ඕස්ට්‍රේලියාවට ගොස් සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පසුගිය ජූනි 28 දින ඕස්ට්‍රේලියාවේ සියළුම ප්‍රාන්ත පුරා විහිදුනු විශාල කෘෂි නිෂ්පාදන ව්‍යාපාරයක් වන කොස්තා ව්‍යාපාර ජාලයේ බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් හි පිහිටා ඇති කොස්තා බිම්මල් ගොවිපොළ නිරීක්ෂණය සඳහා එක් වී තිබේ.
එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය ධම්මික පටබැඳිද එක්වී තිබිණි.
කොස්තා බිම්මල් ගොවිපොළ එරට ප්‍රධාන තැනක් ගන්නේ එය බටහිර ඕස්ට්‍රේලියාව තුළ එදිනෙදා බිම්මල් අවශ්‍යතාවයෙන් 80%ටත් වඩා ප්‍රමාණයක් වෙළදපොලට සපයන බැවිනි. ඔවුන්ගේ සතියක බිම්මල් නිෂ්පාදන ධාරිතාව ටොන් 80-90ක් තරම් ඉහළ අගයක් ගනියි.
විශාල යන්ත්‍ර යොදා ගනිමින් තිරිගුවල ශාකමය කොටස්, කුකුල් පොහොර හා ජිප්සම් මිශ්‍ර කර සාදා ගන්නා වගා මිශ්‍රණයක බිම්මල් බීජ පැළ කරන අතර වසර පුරා අකණ්ඩ නිෂ්පාදනයක් පවත්වා ගැනීමට හා ගුණාත්මක බවින් ඉහළ බිම්මල් නිෂ්පාදනය කිරීමට මෙහි යොදා ගන්නේ ඉතා දියුණු තාක්ෂණික ක්‍රම වේදයක් බව එම නිෂ්පාදනාගාරයේ නිලධාරීන් විසින් පැහැදිලි කර දී තිබේ. එමගින් සියලු පරිසර තත්ව කෘතීමව පාලනය කර බිම්මල් හොදින් වර්ධනය වීමට සුදුසු පරිසයක් නිර්මාණය කරන බවද ඔවුන් පෙන්වා දී ඇත.
මෙහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස මෙහි වගා මාධ්‍ය සැකසීමේ සිට වෙළදපොලට නිකුත් කිරීම දක්වා වූ සියළුම නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ කෙටි අධ්‍යනයක් සිදු කර ඇති අතර එහිදී යොදාගන්නා දියුණු තාක්ෂණික උපකරණ, යන්ත්‍රසුත්‍ර සහ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමේ ක්‍රමවේද පිළිබද වැඩි අවදානයක් යොමු කර තිබේ.
0 Comments