anura-kumara-speaks

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පහුගිය දවස්වල ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩි නුවර සංචාරයක නිරතවුන අතර එහිදී රැස්ව සිටි ජනතාව දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ ගැන අනුර කුමාර මහතාගෙන් අදහස් විමසිය.
එහිදී අනුර කුමාර මහතා කියා සිටියේ සියලුම රාජ්‍ය බැංකුවලින් සහ සේවක අර්ථසාධක අරමුදලින් අණ්ඩුව 50% ට වඩා ණය ලබාගෙන තිබෙන බවය.ආණ්ඩුව මීට කලින් කිහිප සැරයක්ම පුනපුනා ප්‍රකාශකරතිබුනේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවය.

නමුත් අන්තර්ජාතික මූල්‍යය අරමුදලේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අවශ්‍යය නම් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම අනිවාර්යෙන් සිදුකිරීමට ආණ්ඩුවට සිදුවී තිබේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියෙදී රාජ්‍ය බැංකුවලින් සහ සේවක අර්ථසාදක අරමුදලින් ලබා ගත් ණය අඩක් හෝ ආණ්ඩුව නොගෙව සිටීමද හැකියාව පවතින බවත් එසේ වුවහොත් රාජ්‍ය බැංකු පද්ධතියද කඩා වැටී සේවක අර්ථසාදක අරමුදලද අකල්මර්ණයවීමට හැකියාවක් තිබෙන බව දිසානායක මහතා පැවසීය.



ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ NPP රජයක් පැමිණි විගස රාජ්‍යය බැංකු හා සේවක අර්ථසාදක අරමුදල ණය බරින් මුදවාගෙන ආර්ථික අතින් ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට උත්සාහ කරනබව” අනුර කුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.